Last Update  :  2025-09-15 20:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා පිල පතුලටම වැටෙයි

ශ්‍රී ලංකා පිල පතුලටම වැටෙයි

editorial - 2021 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ මාලේ නුවර සිට...)

ඉන්දියාව හා බංග්ලාදේශය අතර තරගය ගෝල 1–1 කට සමවීමත් සමග මාලේ නුවරදී දැන් පැවැත්වෙන දකුණු ආසියානු (සාෆ්) පාපන්දු තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ පතුලටම ශ්‍රී ලංකා කණ්ඩායම ඇද වැටී තිබේ.  ශ්‍රී ලංකාව අද (4) රාත්‍රියේදී නේපාලයට එරෙහිව සිය දෙවැනි තරගයට සහභාගි වීමට සූදානමින් සිටියේය.

මෙම තරගය ජය ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට ලැබුණෙන් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයට පත්වීමේ අවස්ථාව ඔවුන්ට හිමි වේ.

පසුගිය සිකුරාදා (1) ආරම්භ වූ මෙම තරගාවලිය මෙම 16 වැනිදා දක්වා පැවැත්වේ. සෑම තරගයකින්ම පසුව දින දෙකක විවේක කාලයක් තිබීම මෙම තරගාවලිය දින 16ක් ඇදී යාමට හේතු වී තිබේ.

මෙවර තරගාවලියෙත් ප්‍රබලතම කණ්ඩායම ලෙස සලකන, මීට පෙර හත් වතාවක්ම ශූරතාව දිනා සිටින ඉන්දියාව ඊයේ පස්වරුවේ පැවති තරගයෙන් බංග්ලාදේශයට එරෙහිව තරග වැදීමෙන් තරගාවලියට අවතීර්ණ විය.  37 හැවිරිදි ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩක සුනිල් ෂෙට්ටි 26 වැනි විනාඩියේදී දැල ආසන්නයේදීම පැත්තෙන් යොමුවූ පන්දුව දැලට යොමු කිරීමෙන් ඉන්දියාවට මෙම තරගාවලියේ පළමු ගෝලය ලබාදුන්නේය.

මෙවර තරගාවලියේදීත් ඉන්දීය කණ්ඩායම මෙහෙයවන සුනිල් ෂෙට්ටි වසර 16ක් තිස්සේ ඉන්දීය කණ්ඩායමට ක්‍රීඩා කරන අතර මේ වනවිට තරග 121කට සහභාගි වී සිටින ප්‍රබලතම ක්‍රීඩකයෙකි. ඔහු ඊයේ වාර්තා කළේ සිය 76 වැනි ගෝලයයි.

බංග්ලාදේශය සිකුරාදා පැවති තරගයෙන් ගෝල 1–0 කින් ජයගත් අතර ඉන්දියාවට එරෙහිව අද පැවති තරගය සම කිරීමෙන් වඩාත් ප්‍රබල තැනකට පැමිණ සිටියි. මතභේදාත්මක දඬුවම් පහරක් ඔස්සේ ශ්‍රී ලංකාව පරාජය කිරීමට පළමු තරගයේදී එහිදී බංග්ලාදේශය සමත් විය.

ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ඉන්දියාව හා බංග්ලාදේශය මුණගැසුණු තරග 30කදී බංග්ලාදේශය ජයගෙන ඇත්තේ තරග දෙකක් පමණි. එහිදී තරග 16ක් බංග්ලාදේශය පරාජයට පත්ව තිබේ. ඉතිරිය ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.

කෙසේ වුවත් 53 වැනි විනාඩියේදී බංග්ලාදේශ ක්‍රීඩකයකු විනිසුරු වෙතින් රතු කාඩ් පත ලබා පිටියෙන් පිටමං කෙරෙන අතර 73 වැනි විනාඩියේදී සාසිත් අරාෆඩ්  බංග්ලාදේශයට එරෙහිව තරගය සම කළ  ගෝලය වාර්තා කළේ සිය කණ්ඩායම ක්‍රීඩකයන් 10 දෙනකුට සීමාවී තිබියදීය.

ඡායාරූපය - ඉන්දීය පාපන්දු සංගමය අනුග්‍රහයෙනි


අදහස් (0)

ශ්‍රී ලංකා පිල පතුලටම වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.