Last Update  :  2024-05-17 16:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා පිල දෙවැනි වරටත් පරදී
ඩේවිස් කුසලාන

ශ්‍රී ලංකා පිල දෙවැනි වරටත් පරදී

editorial - 2023 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ඩේවිස් කුසලාන ආසියා ශාන්තිකර කළාපීය III කොටසේ යටතේ මෙතෙක් සහභාගි වූ තරගවාර දෙකේදීම පරාජයට පත්වූ ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩයේ සිවුවැනි ස්ථානය දක්වා පහළට වැටී තිබේ. තරගවාර දෙකේම යුගල තරග දෙක පමණක් ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, කේවල තරග 4 දී පරාජයට පත් වූහ. 

සවුදි අරාබියට එරෙහිව ඊයේ (26 වැනිදා) පැවැති තරග වාරයේ කේවල තරගවලදී ටෙහාන් විජේමාන්න සහ චාතූර්ය නිලවීර පරාජය කිරීමට සවුද් අල්හොග්බානි සහ අමාර් අල්හොග්බානි සමත් වූහ. කෙසේ වුවත් ඉන් අනතුරුව පැවැති යුගල තරගයේදී ඔමාර් අහමඩ්ට සහ අබ්දුල්ලා අල්ෆරාජ්ට එරෙහිව ටෙහාන් විජේමාන්න සහ ධිල්වන් හේරත් ජය වාර්තා කළහ. 

වියට්නාමයට එරෙහිව අද (27 වැනිදා) පැවැති තරග වාරයේ කේවල තරගවලදී අෂේන් සිල්වා සහ චාතූර්ය නිලවීර පරාජය වූයේ පිළිවෙලින් පූවොන් වැන් න්ගුයෙන් සහ හා මින් ඩුක් වූ හමුවේය. එහෙත් එහි යුගල තරගයේදී ඩැක් ටියෙන් න්ගුයෙන් සහ මින් තුවාන් ෆාම් පරාජය කිරීමට ටෙහාන් විජේමාන්න සහ ධිල්වන් හේරත් සමත් වූහ.  

ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ තරගවදින ශ්‍රී ලංකාව හෙට (28 වැනිදා) ඉරානයට එරෙහිව තරග බිමට පිවිසෙනු ඇත. එම තරගයෙන්ද පරාජයට පත්වුව හොත් ශ්‍රී ලංකාවට ලබන වසරේදී (2024) ඩේවිස් කුසලාන ආසියා ශාන්තිකර කළාපීය IV කොටස දක්වා පසුබැසීමට සිදුවනු ඇත. 

සවුදි අරාබිය හමුවේ 2-1 ක පරාජයක්

  • සවුද් අල්හොග්බානි විසින් වට 2-0 ක් ලෙස ටෙහාන් විජේමාන්න පරාජය කරන ලදි. (7/5, 6/0) 
  • අමාර් අල්හොග්බානි විසින් වට 2-0 ක් ලෙස චාතූර්ය නිලවීර පරාජය කරන ලදි. (6/3, 6/1) 
  • ටෙහාන් විජේමාන්න සහ ධිල්වන් හේරත් විසින් වට 2-1 ක් ලෙස ඔමාර් අහමඩ් සහ අබ්දුල්ලා අල්ෆරාජ් පරජය කරන ලදහ. (6/3, 6/7, 6/2) 

වියට්නාමය හමුවේ 2-1 ක පරාජයක්

  • පූවොන් වැන් න්ගුයෙන් විසින් වට 2-0 ක් ලෙස අෂේන් සිල්වා පරාජය කරන ලදි. (7/5, 6/2) 
  • හා මින් ඩුක් වූ විසින් වට 2-0 ක් ලෙස චාතූර්ය නිලවීර පරාජය කරන ලදි. (6/4, 7/5) 
  • ටෙහාන් විජේමාන්න සහ ධිල්වන් හේරත් විසින් වට 2-1 ක් ලෙස ඩැක් ටියෙන් න්ගුයෙන් සහ මින් තුවාන් ෆාම් පරජය කරන ලදහ. (3/6, 7/6, 6/4) 

 


අදහස් (0)

ශ්‍රී ලංකා පිල දෙවැනි වරටත් පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.