Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ සිට..)
බංග්ලාදේශය ලකුණු 495 ක් ලබාගත් නමුත් සංචාරකයන්ගේ නලලත රැළි නැංවූ ශ්‍රී ලංකා පිතිකරුවෝ ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී විනාඩි 199 ක් ඇතුළත 200 වැනි ලකුණත් පුවරුවට එකතු කළහ. තරගයේ තුන්වැනි දිනය වන අද (19 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 368 ක් ලබා සිටියේය.
විනාඩි 387 ක් ඇතුළත ලකුණු 368 ක් ලබාගත් ශ්‍රී ලංකා පිතිකරුවෝ මේ වන විටත් බංග්ලාදේශ පිලට පීඩනය එල්ල කරමින් සිටිති. ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්‍ෂාව වන්නේ මෙම වේගයෙන්ම තවත් ලකුණු 350 ක් පමණ ලබාගනිමින් අවසන් දිනයේදී ලකුණු 250 කට ආසන්න ඉලක්කයක් බංග්ලාදේශ පිතිකරුවන් වෙත වීසි කිරීමයි.
ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් ලකුණු 127 ක් පසුපසින් සිටින නමුත් එය පසුකර යාම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සතුව අවශ්‍ය තරම් පිතිකරුවෝ ඉතිරිව සිටිති.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අති විශිෂ්ට පිතිහරඹයක නිරත වූ පැතුම් නිස්සංක, සිය ටෙස්ට් ජීවිතයේ හොඳම ඉනිම ක්‍රීඩා කළද, දෙවැනි නව පන්දුව ලබාගැනීම හේතුවෙන් සිය ද්විත්ව ශතකය පෙනි පෙනී දැවී ගියේය. පැය හයකට ආසන්න කාලයක් කඩුල්ලේ රැඳී සිටි ආරම්භක පිතිකරුවාගේ ලකුණු 187 හතරේ පහර 23 කින් සහ හයේ පහරකින් සමන්විත විය.
සිය මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් ලබාගත් පැතුම් නිස්සංක, ඔහුගේ දෙවැනි ශතකය මෙන්ම ටෙස්ට් පිටියේ වැඩිම ලකුණු සංඛ්‍යාව (127) ලබාගෙන තිබුණේ පසුගිය වසරේදී ලන්ඩන් ඕවල් පිටියේදීය. එහෙත් අද දිවා ආහාරයෙන් පසුව බංග්ලාදේශ පන්දු යවන්නන් සෙල්ලමකට ගත් ආරම්භක පිතිකරුවා, තම තුන්වැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කළේ කිසිදු අපහසුවකින් තොරවම ටෙස්ට් ඉනිමකදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ද වාර්තා කරමිනි. එය ඔහු මව්බිමේදී ලබාගත් පළමු වැනි ටෙස්ට් ශතකයද වෙයි.
බංග්ලාදේශ ඉනිමේ මන්දගාමී ලකුණු ලබාගැනීම (ඕවරයකදී ලකුණු 3.21) හේතුවෙන් ඒ වෙනුවෙන් දින දෙකකටත් වැඩි කාලයක් ගතවූ නමුත් පැතුම් නිස්සංක ඇතුළු ශ්‍රී ලංකා පිතිකරුවෝ දිනයක් ඇතුළත ලකුණු 368 ක් ලබාගත්හ. ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ලබාගැනීමේ වේගය 3.96 ක් විය.
ඉනිම ආරම්භයේදීම ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අභිලාෂය පැහැදිළිවම පෙනෙන්නට තිබිණ. වේග පන්දු යවන්නන් නවතා පස්වැනි ඕවරයේදීම දඟ පන්දු යවන තයිජුල් ඉස්ලාම් කැඳවීමට බංග්ලාදේශ නායක නජ්මුල් හොසේන් ශන්ටෝ පියවර ගත් නමුත් පැතුම් නිස්සංක සහ ළහිරු උදාර දෙදෙනා, ඕවර 10 කින් ලකුණු 47 ක් ලබාගත්හ.
ටෙස්ට් පිටියේ කෝඩුකාරයා වන ළහිරු උදාර සිය ලකුණු 29 වෙනුවෙන් මුහුණ දුන්නේ පන්දු 34 කට පමණි. හතරේ පහර 6 කින් සමන්විත වූ ළහිරුගේ ඉනිම අවසන් වීමෙන් පසුව පැමිණි දිනේෂ් චන්දිමාල් සහ පැතුම් නිස්සංක දෙදෙනා, බංග්ලාදේශ පන්දු යවන්නන්ට රිසි සේ පහර දුන්හ.
දකුණත් පිතිකරුවන් දෙදෙනකු ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ වසර 29 කට පසුවය. ටෙස්ට් තරගයකදී දකුණත් පිතිකරුවන් දෙදෙනකු අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ 1995 මෙල්බර්න් ටෙස්ට් තරගයේදීය. විනිසුරු ඩැරල් හෙයාර් මහතා විසින් මුත්තයියා මුරලිදරන්ගේ පන්දු ‘නිපන්දු’ ලෙසින් සංඥා කිරීම හේතුවෙන් ක්‍රිකට් ඉතිහාසයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් එම තරගයේදී දකුණත් පිතිකරුවන් වූ රොෂාන් මහානාම සහ චන්දික හතුරුසිංහ දෙදෙනා ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළහ.
එදා මෙදා තුර ටෙස්ට් තරග 260 කදී, ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූයේ වමත් - දකුණත් පිතිකරුවෝ දෙදෙනෙකි. නැතහොත් වමත් පිතිකරුවෝ දෙදෙනෙකි.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.