Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා පාපන්දු ආයතනයට වසර 4 කදී කෝටි 55 ක්

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයට වසර 4 කදී කෝටි 55 ක්

editorial - 2022 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

අන්තර් ජාතික පාපන්දු සම්මේලනය වාර්ෂිකව සිය සාමාජික රටවලට ලබාදෙන පාපන්දු ප්‍රවර්ධන මූල්‍යාධාර ගෙවීම් 25% කින් වැඩි කිරීමට ගෙන තිබෙන තීරණය හමුවේ ශ්‍රී ලංකාවට ඔවුන්ගෙන් ලැබෙන මුල්‍යාධාර ප්‍රමාණය ඉහළ ගොස් තිබේ. ඒ අනුව ඉදිරි සිව් වසරක කාර්තුවක් (2023-26)  සඳහා ශ්‍රී ලංකාවට ලැබෙන අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ මූල්‍යාධාර ගෙවීම් ඇමරිකානු ඩොලර් මිලියන 13ක් දක්වා වන ආසන්න අගයක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අතර ආසියානු පාපන්දු සමුළුව සිව් වසර කාර්තුවක් සඳහා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 2.6 ක් තරම් වන ගෙවීමක් කරයි. ඒ අනුව මෙරටට ලැබෙන අන්තර් ජාතික හා ආසියානු සමුළු ප්‍රවර්ධන පාපන්දු මූල්‍යාධාර ගෙවීම් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 55ක් තරම් අගයක් ගනියි.

ඔවුන් වෙතින් මෙම ආධාර මුදල් ලැබෙන්නේ විශේෂ ව්‍යාපෘති හා යටිතල පහසුකම් ප්‍රවර්ධනය සඳහා ලබාදෙන අමතර ගෙවීම් හැරෙන්නටය.

මේ අතර ශ්‍රී ලංකාවේ පාපන්දු ප්‍රවර්ධනය සඳහා සෞදි අරාබිය, කටාර් රාජ්‍යය හා ජපානය ද විශේෂ මූල්‍යාධාර හා යටිතල පහසුකම් එළඹෙන වසර තුනක් සඳහා මෙරටට ලබා දීමට එකඟ වී තිබේ.  ඒ අනුව මෙරට පාපන්දු පුහුණුකරුවන්ගේ ප්‍රවර්ධනයට දායක වන ඉදිරි පුහුණු ව්‍යාපෘති හා වැඩසටහන් සඳහා මෙරටට වාර්ෂිකව මුදලින් රුපියල් කෝටි 18ක් බැගින් වන ආධාර ලබාදීමට එකඟවී තිබේ.

ඒ අතර මෙරට පාපන්දු යොවුන් ව්‍යාපෘති වැඩසටහන් සඳහා සෞදි අරාබියෙන් වාර්ෂිකව ඩොලර් ලක්ෂයක් හා ජපානයෙන් ඩොලර් 50,000 කට ආසන්න වන ගෙවීම් හා වටිනාකමින් යුත් ප්‍රවර්ධන වැඩසටහන් ලබාදේ.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පැවසුවේ සිය ගෙවුණු පාලන කාලය තුළ දී විශේෂයෙන්ම කටාර් ජාතික පාපන්දු සම්මේලනය හා සමීප සබඳතා ගොඩනගා ගනිමින් ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට විදේශාධාර රැසක් ලබා ගැනීමට කටයුතු කළ බවයි.

කොවිඩ් ව්‍යසනයෙන් බලපෑමෙන් ආර්ථිකය කඩා වැටුණු ශ්‍රී ලංකාවට අන්තර් ජාතික පාපන්දු සමුළුවෙන් ලබාදෙන ආධාර මුදල් තවත් වැඩි කිරීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු කරන බව කටාර් රාජ්‍යයේ දී  නොබෝදා මුණ ගැසීමේ දී ගිහානි ඉන්ෆැන්ටිනෝ මහතා  ජස්වර් උමාර් මහතාට ප්‍රතිඥා දී තිබේ.


අදහස් (0)

ශ්‍රී ලංකා පාපන්දු ආයතනයට වසර 4 කදී කෝටි 55 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.