Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ශ්‍රී ලංකා පිල සහ නොදම්ටන්ෂයර් ප‍්‍රාන්ත පිල අතර නොදම්ටන්හිදී පැවැත්වෙන පුහුණු සිවුදින තරගයේ දෙවැනි දිනය වන අද (06) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට නොදම්ටන්ෂයර් ප‍්‍රාන්ත පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 146 ක් ලබා ලකුණු 412 ක් පිටු පසින් සිටියේය.
පළමු පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලූ 8 ක් දැවී ලකුණු 558 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීය.
ශ්‍රී ලංකා පිලේ පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක ඩිල්රුවන් පෙරේරා වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 70 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 59 ක් රැස්කිරීමට සමත් විය.
මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස කටයුතු කරන ළහිරු තිරිමාන්න පන්දු 221 කදී හතරේ පහර 14 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 156 ක් ලබා සිටියදී සිවුවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.
පළමු දිනය අවසන් වන විට නොදැවී ලකුණු 152 ක් ලබා සිටි කෞෂාල් සිල්වා අද පන්දුවට පහර දීමට නොපැමිණි අතර දිනේෂ් චන්දිමාල් දිනය ආරම්භයේ සිට ක‍්‍රීඩා කළේය.
හිටපු උප නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 47 ක් රැුස් කිරීමට සමත් විය.
තරගයේ පළමු දිනය වූ ඊයේ (05) ක‍්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා පිල කඩුලූ 3 ක් දැවී ලකුණු 358 ක් රැුස් කර සිටියේය. ඒ වන විට කෞෂාල් සිල්වා නොදැවී ලකුණු 152 ක් සහ ළහිරු තිරිමාන් නොදැවී ලකුනු 120 ක් ලබා සිටියහ.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය මේ මස 12 වැනිදා ලෝඞ්ස් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා පිල පළමු ඉනිම
දිමුත් කරුණාරත්න - කයිල් කෝට්ෂර් ප. ස්ටීවන් ක්‍රොක් 1
කෞෂාල් සිල්වා - පිටියෙන් ඉවත් වුණා 152
කුමාර් සංගක්කාර - ඇ. චාඞ් බානට් ප. කයිල් කෝට්ෂර් 28
මහේල ජයවර්ධන - ඇ. මැතිව් ස්ප‍්‍රිගල් ප. ස්ටීවන් ක්‍රොක් 46
ළහිරු තිරිමාන්න - ප. මැතිව් ස්ප‍්‍රිගල් 156
දිනේෂ් චන්දිමාල් - ප. මැතිව් ස්ප‍්‍රිගල් 47
ප‍්‍රසන්න ජයවර්ධන - ඇ. රිචඞ් ලෙවි ප. රොබ් කීෆ් 25
ඩිල්රුවන් පෙරේරා - ඇ. ජේම්ස් කෙට්ල්බොරෝ ප. ස්ටීවන් ක්‍රොක් 59
ධම්මික ප‍්‍රසාද් - ඇ. චාඞ් බානට් ප. රොබ් කීෆ් 27
චානක වෙලගෙදර - නොදැවී 5
අතිරේක 12
එකතුව ඕවර 138 කදී කඩුලූ 8 ක් දැවී 558
පන්දුවට පහර නොදුන් පිතිකරු:
නුවන් ප‍්‍රදීප්
කඩුලූ වැටීම:
1-1(දිමුත් කරුණාරත්න), 2-53(කුමාර් සංගක්කාර), 3-120(මහේල ජයවර්ධන), 4-441(ළහිරු තිරිමාන්න), 5-442(දිනේෂ් චන්දිමාල්), 6-520(ප‍්‍රසන්න ජයවර්ධන), 7-526(ඩිල්රුවන් පෙරේරා), 8-558(ධම්මික ප‍්‍රසාද්)
පන්දු යැවීම:
ඬේවිඞ් විලි: 12-2-39-0, ස්ටීවන් ක්‍රොක්: 27-2-98-3, චාඞ් බානට්: 25-0-106-0, කයිල් කෝට්ෂර්: 19-0-78-1, ගේ‍්‍රම් වයිට්: 27-2-129-0, මැතිව් ස්ප‍්‍රිගල්: 19-4-55-2, රොබ් කීෆ්: 9-2-46-2
නොදම්ටන්ෂයර් පිල පළමු ඉනිම
ස්ටීවන් පීටර්ස් - ඇ. ප‍්‍රසන්න ජයවර්ධන ප. නුවන් ප‍්‍රදීප් 5
ජේම්ස් කෙට්ල්බොරෝ - ක. මූ. කළා ප. චානක වෙලගෙදර 0
රිචඞ් ලෙවි - ඇ. නුවන් ප‍්‍රදීප් ප. ධම්මික ප‍්‍රසාද් 64
කයිල් කෝට්ෂර් - ඇ. සහ ප. ධම්මික ප‍්‍රසාද් 27
රොබ් කීෆ් - නොදැවී 26
බෙන් ඩකට් - ප. ඩිල්රුවන් පෙරේරා 3
මැතිව් ස්ප‍්‍රිගල් - නොදැවී 11
අතිරේක 10
එකතුව ඕවර 41 කදී කඩුලූ 5 ක් දැවී 146
පන්දුවට පහර දීමට සිටින පිතිකරුවෝ:
ස්ටීවන් ක්‍රොක්, ඬේවිඞ් විලි, ගේ‍්‍රම් වයිට්, චාඞ් බානට්
කඩුලූ වැටීම:
1-2(ජේම්ස් කෙට්ල්බොරෝ), 2-32(ස්ටීවන් පීටර්ස්), 3-97(කයිල් කෝට්ෂර්), 4-104(රිචඞ් ලෙවි), 5-113(බෙන් ඩකට්)
පන්දු යැවීම:
චානක වෙලගෙදර: 10-1-47-1, නුවන් ප‍්‍රදීප්: 8-0-30-1, ඩිල්රුවන් පෙරේරා: 15-6-31-1, ධම්මික ප‍්‍රසාද්: 5-1-29-2, දිමුත් කරුණාරත්න: 2-1-1-0, කුමාර් සංගක්කාර: 1-0-3-0
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.