Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා නැඟී එන පිල බංග්ලාදේශය පරදවයි

ශ්‍රී ලංකා නැඟී එන පිල බංග්ලාදේශය පරදවයි

editorial - 2023 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැඟී එන කණ්ඩායම අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (17 වැනිදා) පැවැති පළමු එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 99 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම සමත් විය.

වර්ෂාව හේතුවෙන් බංග්ලාදේශ නැඟී එන ඉනිම ඕවර 47 කට සීමා වූ අතර එහිදී ඔවුන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 251 ක ඉලක්කයක් හිමිවිය. කෙසේ වුවත් බංග්ලාදේශ නැඟී එන කණ්ඩායමට ඕවර 38 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 152 ක් පමණි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ සොනාල් අෂීන් ඩැනියෙල් නිලකුණු ඕවරයක් සමග ඕවර 10 ක් යවමින් ලකුණු 30 කට කඩුලු 4 ක් දවාගත් අතර ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑම සඳහා ඔහුට අනගි සහායක් දුන් ඒෂාන් මාලිංග ලකුණු 36 කට කඩුලු 3 ක්ද, විජයකාන්ත් වියස්කාන්ත් ලකුණු 44 කට කඩුලු 2 ක්ද බිඳහෙළූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම ඕවර 48.1 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 245 ක් ලබාගත් අතර එහිදී මොහොමඩ් ශමාෂ් (62), නවෝද් පරණවිතාන (66) සහ අහන් වික්‍රමසිංහ (68) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ. පන්දු 89 කදී වාර්තා වූ ආරම්භක පිතිකරු ශමාස්ගේ ඉනිම හ‍තරේ පහර 9 කින් සමන්විත විය.

පන්දු 71 කට මුහුණදුන් නවෝද් හයේ පහර 2 කින් සහ හතරේ පහර 7 කින් සිය ඉනිම අලංකාර කළ අතර නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ අහන් පන්දු 53 කදී ලබාගත් වේගවත් අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 6 කින් සැරසුවේය. සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 75 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද නවෝද් සහ අහන් සමත් වූහ.

 

ශ්‍රී ලංකා නැඟී එන පිල - ඕවර 48.1 කදී කඩුලු 8 ක් දැවී 245
(මොහොමඩ් ශමාස් 62, පවන් රත්නායක 19, නවෝද් පරණවිතාන 66, අහන් වික්‍රමසිංහ නොදැවී 68, රි‍පෝන් මොන්ඩල් 32/4)  

බංග්ලාදේශ නැඟී එන පිල - ඕවර 38 කදී සියලු දෙනා දැවී 152
(මහමදුල් හසන් ජෝයි 18, අබ්දුල්ලා අල් මමුන් 64, අෂීන් ඩැනියෙල් 30/4, ඒෂාන් මාලිංග 36/3, විජයකාන්ත් වියස්කාන්ත් 44/2)


අදහස් (0)

ශ්‍රී ලංකා නැඟී එන පිල බංග්ලාදේශය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.