Last Update  :  2025-10-02 21:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දෙවැනි තරගයත් දිනති
යොවුන් කාන්තා තරගාවලිය

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දෙවැනි තරගයත් දිනති

editorial - 2025 සැප් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියානු යොවුන් කාන්තා පිලට එරෙහිව රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (21 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 තරගයේදීත් ශ්‍රී ලංකා යොවුන් කාන්තාවෝ ලකුණු 29 ක පහසු ජයක් අත්කර ගත්හ. ඊයේ පැවැති පළමු තරගයත් ජයගත් ශ්‍රී ලංකා යොවුන් කාන්තාවෝ තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේදී 2-0 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටිති.  

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කාන්තාවෝ කඩුලු 9 ක් දැවී ලකුණු 138 ක් ලබාගත්හ. ඕවර 20 නිමාවේදී ඕස්ට්‍රේලියානු යොවුන් කාන්තාවන්ට ලබාගත හැකිවූයේ කඩුලු 9 ක් දැවී ලකුණු 109 කි. පළමු තරගයේදීත් පන්දුවෙන් දස්කම් දැක්වූ අසේනි තලගුණේ (15/2) සහ වමතින් දග පන්දු යවන්නී ශෂිනි ගිම්හානි (17/2) එක්ව ඕස්ට්‍රේලියානු යොවුන් කාන්තා පිල අමාරුවේ දැමූහ. 

කාසියේ වාසිය දිනාගත් ඕස්ටේ්‍රලියානු යොවුන් ක්‍රීඩිකාවෝ පිට පිටම දෙවැනි වතාවටත් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්හ. ශ්‍රී ලංකා යොවුන් පිතිකාරිණියන් එකා පසුපස එකා දැවී ගිය නමුත් ඔව්හු 10 වැනි ඕවරයෙන් පසුව නිරන්තරයෙන්ම ලකුණු ලබාගැනීමේ වේගය 6.00 ඉක්මවන අගයක පවත්වා ගත්හ. කිසිම ක්‍රීඩිකාවකට ලකුණු 30 ක් ලබාගත නොහැකි වූවද සියලු දෙනාගේම සාමූහික දායකත්වය නිසා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ මට්ටමක තිබිණ. 

ඕස්ට්‍රේලියානු යොවුන් පිතිකාරිණියන්ගෙන්ද ලකුණු 20 සීමාව පසුකර යා හැකිවූයේ දෙදෙනකුට පමණි. 

ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් පන්දු යවන්නියන් හත් දෙනකු යොදාගැනීමට නායක මනුදි නානායක්කාර පියවර ගත් අතර ඕස්ට්‍රේලියානු යොවුන් කාන්තා පිලේ කඩුලු 9 ශ්‍රී ලංකා පන්දු යවන්නියන් 6 දෙනකු අතර බෙදී ගියේය. දකුණු අප්‍රිකානු ටෙස්ට් පිලේ හිටපු ක්‍රීඩකයකු වන පෝල් ඇඩම්ස් පන්දු යැවූ ආකාරයට බෙහෙවින් සමාන ඉරියව්වකින් පන්දු යවන ශශිනි ගිම්හානි කඩුලු 2 ක් දවාගත්තාය. 


ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම - ඕවර 20 කදී කඩලු 9 ට 138 යි
(සංජනා කාවින්දි 24, මනුදි නානායක්කාර 14, ශශිනි ගිම්හානි 10, නෙතඟි ඉසුරාංජලී 21, රශ්මි නේත්‍රාංජලී 24, රශ්මිකා සෙව්වන්දි 12, ලුසී ෆින් 30/2, අවා රූරි 24/3)

ඕස්ට්‍රේලියානු යොවුන්  කාන්තා කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 9 ට 109 යි
(ෂිලෝ ජූලියන් 22, සමාරා දුල්වින් 22, එමිලි පවෙල් 15, ලුසී ෆින් 16, අයකා කාටෝ ස්ටැෆර්ඩ් 17, අසේනි තලගුණේ 15/2, ශශිනි ගිම්හානි 17/2)


- 213


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ දෙවැනි තරගයත් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.