Last Update  :  2025-12-22 16:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ප්‍රධානියා සැඟවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ප්‍රධානියා සැඟවෙයි

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු මූල්‍ය ප්‍රධානියා සැඟවී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකාවේදී දැන් පැවැත්වෙන එංගලන්ත ක්‍රිකට් පිලේ ශ්‍රී ලංකා සංචාරයේ රූපවාහිනී අයිතිය වෙනුවෙන් විදේශ රූපවාහිනී ආයතනයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබීමට තිබූ රුපියල් කෝටි 90 කට අධික මුදලක් වෙනත් විදේශීය ගිණුමට බැර කිරීමට සූදානම් වූයේ යැයි මෙම නිලධාරියාට චෝදනා එල්ල වී තිබිණ.

එම පුද්ගලයාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් නුගේගොඩ පිහිටි ඔහුගේ නිවසට කීපවරක්ම ගිය ද නිවස වසා තිබූ බව වාර්තා වේ.

එහිදී පොලිස් නිලධාරීන් අදාල පුද්ගලයා පිළිබඳව අසල්වාසීන්ගෙන් විමසා ඇති නමුත් ඔවුන් ද කිසිදු තොරතුරක් නොදන්නා බව පවසා ඇති බවත් වාර්තා වේ. මෙම සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීමෙන් පසුව ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබූ බව වැඩි දුරටත් වාර්තා වේ.

මීට මාසයකට පමණ පෙර මෙම සිද්ධිය අනාවරණය වීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදාල නිලධාරියා අනිවාර්ය නිවාඩු යැවීමට පියවර ගත්තේය.  

 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ප්‍රධානියා සැඟවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.