Last Update  :  2025-09-13 08:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා කණ්ඩායමට දඩ

ශ්‍රී ලංකා කණ්ඩායමට දඩ

editorial - 2021 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇන්ටිගුවාහිදී පැවති තෙවැනි එක්දින තරගයේදී බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ කළ මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ තරග ගාස්තුවෙන් 40% ක් දඩ මුදලක් වශයෙන් නියම කර තිබේ.

තරග තීරක රිචී රිචඩ්සන් විසින් මෙම දඩය පනවනු ලැබුවේ නියමිත කාලය ඇතුළතදී යැවිය යුතු ඕවර සංඛ්‍යාව සම්පූර්ණ කිරීමට දිමූත් කරුණාරත්නගේ කණ්ඩායම අපොහොසත් වූ බැවිනි. යවන ලද ඕවර සංඛ්‍යාව නියමිත ඕවර 50 ට වඩා ඕවර දෙකක් අඩුවෙන් විය. අඩුවූ ඕවර සංඛ්‍යාව ගණනය කර ඇත්තේ අතිරේක කාලයද සැලකිල්ලට ගනු ලැබීමෙන් පසුවය.  

ලෝක කුසලාන සුපිරි ලීගයේ තරග කොන්දේසි අනුව නියමිත කාලය තුළදී යැවීමට අතපසු වන සෑම ඕවරයක් වෙනුවෙන්ම ක්‍රීඩකයන්ගේ තරග මුදලින් 20% ක් දඩ වශයෙන් නියම කෙරේ. ඒ අනුව ඕවර දෙකක් වෙනුවෙන් ක්‍රීඩකයන්ගේ තරග මුදලින් 40% ක් දඩ වශයෙන් නියම කර ඇත. ඊට අමතරව ලෝක කුසලාන සුපිරි ලීගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම උපයාගන්නා ප්‍රසාද ලකුණු වලින් දෙකක්ද අහිමි කෙරෙනු ඇත.

ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තම කණ්ඩායමෙන් සිදුවූ වරද පිළිගෙන යෝජිත දඩය පිළිගත් බැවින් මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්‍ෂණ අවශ්‍ය නොවීය.


- 213

 


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායමට දඩ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.