Last Update  :  2025-07-27 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රෙිලියාවට
ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා වි.20 තරගාවලිය

ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රෙිලියාවට

editorial - 2022 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි20 තරගාවලියක් සඳහා අද (3 වැනිදා) උදෑසන ඕස්ට්‍රේලියාව පිටත්ව ගියේය.

විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන දීර්ඝතම ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගාවලියද මෙය වන්නේය.

තරගාවලිය සඳහා නම්කළ 20 දෙනෙකුගෙන් යුත් සංචිතයේ ක්‍රීඩකයන් 18 දෙනෙකු සංචාරය සඳහා එක්වූ අතර කොරෝනා වැළදුණු නුවන් තුෂාර ලබන 10 වැනිදා කණ්ඩායම සමගින් එක්වීමට නියමිතය.

සංචාරය යෑමට පෙර සිදුකරන ලද ඇන්ටිජන් පරීක්‍ෂණයක් ධනාත්මක වීමෙන් තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට අද ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට අවස්ථාව හිමිනොවීය. නමුත් අද දිනයේදී චාමික කරුණාරත්න පී.සී.ආර්. පරීක්‍ෂණයකට පෙනී සිටීමට නියමිතව ඇති අතර යම් හෙයකින් එම පරීක්‍ෂණය ඍණාත්මත වුවහොත් ඔහුට ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට බාධාවක් නොවේ.

මෙම තරගාවලියේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කරන රුමේෂ් රත්නායක සහ අභ්‍යාසක දිල්ෂාන් ෆොන්සේකා යන මහත්වරුන් අද ඕස්ට්‍රේලියා බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක් නොවුහ. මින් පෙර ඔවුන් දෙදෙනාටද කොරෝනා වයිරසය වැළඳීම හේතුවෙන් මේ වනවිට ඔවුන් නිරෝධායන වෙමින් සිටිති.

ඒ අනුව නුවන් තුෂාර සමගින් ඔවුන් දෙදෙනාද ලබන 10 වැනිදා කණ්ඩායම සමගින් එක්වීමට නියමිතව ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේය.

තරග කාළ සටහන

පෙබරවාරී 11 - පළමු විස්සයි20 තරගය, සිඞ්නිහිදී
පෙබරවාරී 13 - දෙවැනි විස්සයි20 තරගය, සිඞ්නිහිදී
පෙබරවාරී 15 - තෙවැනි විස්සයි20 තරගය, මනුකා ඕවල්හිදී
පෙබරවාරී 18 - සිව්වැනි විස්සයි20 තරගය, මෙල්බර්න්හිදී
පෙබරවාරී 20 - පස්වැනි විස්සයි20 තරගය, මෙල්බර්න්හිදී


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රෙිලියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.