Last Update  :  2025-07-28 15:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා - බංග්ලාදේශ තීර්ණාත්මක තරගය හෙට
යොවුන් ආසියානු කුසලාන

ශ්‍රී ලංකා - බංග්ලාදේශ තීර්ණාත්මක තරගය හෙට

editorial - 2021 දෙසැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ආසියානු කි‍්‍රකට් සභාව සංවිධානය කරන යොවුන් ආසියානු කුසාලන තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම තීරණය කෙරෙන තීර්ණාත්මක තරගය හෙට (28 වැනිදා) ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ බංග්ලාදේශ යොවුන් කණ්ඩායම අතර පැවැත්වේ. සාජා කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පෙරවරු 11.00 ට ආරම්භ වීමට නියමිතය.

මේ වන විට කණ්ඩායම් දෙකම තරග 2 බැගින් ජය ගෙන ලකුණු 4 බැගින් ලබා සිටින නමුත් දළ ලකුණු වේගය අනුව බංග්ලාදේශ යොවුන් කණ්ඩායම ‘බී’ කණ්ඩායයේ පෙරමුණටත්, ශ්‍රී ලංකා කණ්ඩායම එහි දෙවැනි ස්ථානයටත් පත්ව තිබේ. ඒ අනුව අද තරගයේ ජයග‍්‍රාහකයන් අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ඇත.

මූලික වටයේදී කුවේට් යොවුන් කණ්ඩායමට එරෙහිව ලකුණු 274 ක ජයක්ද, නේපාල යොවුන් කණ්ඩායමට එරෙහිව ලකුණු 60 ක ජයක්ද වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කී‍්‍රඩකයෝ සමත් වූහ. එහිදී නේපාලයට එරෙහිව ලකුණු 154 ක ජයක් ලැබූ බංග්ලාදේශ යොවුන් කී‍්‍රඩකයෝ, කුවේට් යොවුන් කණ්ඩායම පරාජය කළේ ලකුණු 222 කිනි.

‘ඒ’ කාණ්ඩයේ මූලික වටයේ තරග අද (27 වැනිදා) අවසන් වූ අතර සහභාගි වූ තරග 3 ම ජයගත් පාකිස්තාන යොවුන් කණ්ඩායම එම කාණ්ඩයේ පෙරමුණ ගනිමින් අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. එහිදී පාකිස්තානය හමුවේ පමණක් පරාජයට පත්වූ ඉන්දීය යොවුන් කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසියේ ‘ඒ’ කාණ්ඩයේ දෙවැනියා ලෙසිනි.

ඒ අනුව අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ ප‍්‍රතිවාදීන් කවුදැයි හෙට තරගයේ ප‍්‍රතිඵලය අනුව තීරණය වනු ඇත. හෙට තරගයේදී බංග්ලාදේශ යොවුන් කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් වුවහොත් අවසන් පූර්ව වටයේදී ඔවුන්ට ඉන්දීය යොවුන් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට අවස්ථාව උදාවනු ඇත.

කෙසේ වුවත් හෙට තරගයේදී බංග්ලාදේශ යොවුන් කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පරාජයට පත් වුවහොත් ඔවුන්ට අවසන් පූර්ව වටයේදී පාකිස්තාන යොවුන් කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසීමට සිදුවනු ඇත. තරගාවලියේ අවසන් පූර්ව තරග 30 වැනිදාත්, අවසන් මහ තරගය 31 වැනිදාත් පැවැත්වීමට නියමිතය.


අදහස් (0)

ශ්‍රී ලංකා - බංග්ලාදේශ තීර්ණාත්මක තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.