Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශෂික - රවිඳු යාපනයට ජය ගෙනෙති
ජාතික සුපිරි ලීගය

ශෂික - රවිඳු යාපනයට ජය ගෙනෙති

editorial - 2024 ජන මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ යාපනය කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති සිවුදින තරගයෙන් ලකුණු 164 ක ජයක් වාර්තා කිරීමට යාපනය ක්‍රීඩකයෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 394 ක ඉලක්කයක් හඹාගිය මහනුවර කණ්ඩායමට ශෂික දුල්ෂාන්ගේ (99/6) සහ රවිඳු ප්‍රනාන්දුගේ (77/3) දක්ෂ පන්දු යැවීම හමුවේ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 229 ක් පමණි. 

එහිදී වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 86 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 11 ක් සමග නොදැවී ලකුණූ 116 ක් රැස්කිරීමට අහන් වික්‍රමසිංහ සමත් විය. එහෙත් සෙසු පිතිකරුවන්ගේ සහායක් නොලැබීම හේතුවෙන් ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට නොහැකි විය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් යාපනය කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 346 ක් ලබාගත් අතර එහිදී ධනංජය ද සිල්වා (113) ශතකයක් ලබාගත්තේය. ඊට පිළිතුරු වශයෙන් මහනුවර කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 187 ක් පමණි. 

ලකුණු 159 ක වාසියක් සමග දෙවැනි ඉනිම ආරම්භ කළ යාපනය ක්‍රීඩකයෝ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 234 ක් ලබාගත්තේය. 


යාපනය පළමු ඉනිම - සියලු දෙනා දැවී 346 
(නිෂාන් මධුෂංක 37, ජනිත් ලියනගේ 63, ධනංජය ද සිල්වා 113, ළහිරු මධුෂංක 67, චාමික කරුණාරත්න 50/3, චාමික ගුණසේකර 42/2, අෂීන් ඩැනියෙල් 66/2, ලසිත් ඇඹුල්දෙණිය 103/2) 

මහනුවර පළමු ඉනිම - සියලු දෙනා දැවී 187 
(ළහිරු උදාර 23, සහන් ආරච්චිගේ 22, අහන් වික්‍රමසිංහ 51, චාමික කරුණාරත්න 25, චාමික ගුණසේකර 29, ජෙෆ්රි වැන්ඩසේ 51/4, ප්‍රමෝද් මධුෂාන් 25/2, ශෂික දුල්ෂාන් 46/2) 

යාපනය දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 234 
(හසිත බෝයගොඩ 42, නිපුන් කරුණානායක 60, ධනංජය ද සිල්වා 37, රවිඳු ප්‍රනාන්දු 22, චාමික ගුණසේකර 43/3, සිතුම් දිසානායක 21/2, චාමික කරුණාරත්න 31/2, අෂින් ඩැනියෙල් 34/2, ලසිත් ඇඹුල්දෙණිය 88/2) 

මහනුවර දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 229  
(ළහිරු උදාර 25, කමිල් මිෂා 33, අහන් වික්‍රමසිංහ නොදැවී 116, අෂින් ඩැනියෙල් 24, ශෂික දුල්ෂාන් 99/6, රවිඳු ප්‍රනාන්දු 77/3) 


අදහස් (0)

ශෂික - රවිඳු යාපනයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.