Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශර්දුල්ගේ පන්දු යැවීම දිල්ලි පිලට ජය ගෙනෙයි
අයි.පී.එල්. - 2022

ශර්දුල්ගේ පන්දු යැවීම දිල්ලි පිලට ජය ගෙනෙයි

editorial - 2022 මැයි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 64 තරගය ලෙස පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර මුම්බායිහිදී අද (16 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 17 ක ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේදී දිල්ලි කණ්ඩායම ලැබූ 7 වැනි ජයග්‍රහණය මෙය වූ අතර මෙම ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමටද ඔවුන්ට හැකි විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 160 ක ඉලක්කයක් හඹාගිය පන්ජාබ් කණ්ඩායමට ශර්දුල් ඨාකුර් ප්‍රමුඛ දිල්ලි පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 142 ක් පමණි. භානුක රාජපක්ෂගේ (4) කඩුල්ලද සමග ලකුණු 36 කට කඩුලු 4 ක් බිඳහෙළුෑ ශර්දුල් තරගයේ වීරයා ලෙසද සම්මාන ලැබීය. එහිදී අක්සර් පටේල් සහ කුල්දීප් යාදව් කඩුලු 2 බැගින් දවාගත්හ. 

පන්ජාබ් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ජිතේෂ් ශර්මා පන්දු 34 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 44 ක් රැස්කළේය. ආරම්භක පිතිකරු ජොනී බෙයාස්ටෝ පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 28 ක්ද, රාහුල් චාහර් පන්දු 24 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 25 ක්ද රැස්කළ නමුත් පන්ජාබ් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා එම ඉනිම් ප්‍රමාණවත් නොවීය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 159 ක් ලබාගත් අතර වේගවත් පිතිහරඹයක නිරත වූ මිචෙල් මාෂ් පන්දු 48 කදී ලකුණු 63 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. ආරම්භක පිතිකරු සර්ෆරාස් ඛාන් පන්දු 16 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 32 ක් රැස්කරමින් සිය කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. 

 

දිල්ලි කැපිටල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 159 
(සර්ෆරාස් ඛාන් 32, මිචෙල් මාෂ් 63, ලලිත් යාදව් 23, අක්සර් පටේල් නොදැවී 17, කගිසෝ රබාඩා 27/3, අර්ෂ්දීප් සිං 37/3) 

පන්ජාබ් කිංග්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 142 
(ජොනී බෙයාස්ටෝ 28, ශිකර් ධවාන් 19, ජිතේෂ් ශර්මා 44, රාහුල් චාහර් නොදැවී 25, ශර්දුල් ඨාකූර් 36/4, අක්සර් පටේල් 14/2, කුල්දීප් යාදව් 14/2) 

-036


අදහස් (0)

ශර්දුල්ගේ පන්දු යැවීම දිල්ලි පිලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.