Last Update  :  2026-03-28 15:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම බංග්ලාදේශයට

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම බංග්ලාදේශයට

editorial - 2026 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
(දමින්ද විජේසූරිය)
 
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියක් සහ විස්සයි-20 තරගාවලියක් සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබන මාසයේදී බංග්ලාදේශය බලාා පිටත්ව යයි. මෙම වසර මැදදී එංගලන්තයේදී පැවැත්වීමට නියමිත කාන්තා (විස්සයි-20) ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීමක් ලෙසින් මෙම තරගාවලි දෙක පැවැත්වෙයි. 
 
කාන්තා එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 6 වැනි ස්ථානයේත් (ප්‍රසාද ලකුණු 82) සහ බංග්ලාදේශ කණ්ඩායම 7 වැනි ස්ථානයේත් (ප්‍රසාද ලකුණු 75) සිටිති. 
 
විස්සයි-20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 7 වැනි ස්ථානයේත් (ප්‍රසාද ලකුණු 229) සහ බංග්ලාදේශය 10 වැනි ස්ථානයේත් (ප්‍රසාද ලකුණු 195) ස්ථානයේත් සිටිති. 
 
එක්දින තරගාවලිය පද්ම නදිය අසබඩ පිහිටි රාජ්ශාහි නගරයේදීත්, විස්සයි-20 තරගාවලිය තරමක් නැගෙණහිරට වන්නට පිහිටි ශිලාත් නගරයේදීත් පැවැත්වෙයි. එක්දින තරග තුනම බංග්ලාදේශයේ වේලාවෙන් පෙරවරු 9.30 ට (ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 9.00 ට) ආරම්භ වන අතර විස්සයි-20 තරග තුනම බංග්ලාදේශ වේලාවෙන් පස්වරු 6.00 ට, (ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 5.30 ට) ආරම්භ කෙරේ. 
 
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අප්‍රේල් 17 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිතය.
 
 
තරග කාල සටහන 
අප්‍රේල් 20 : පළමු එක්දින තරගය රාජ්ශාහිදී 
අප්‍රේල් 22 : දෙවැනි එක්දින තරගය රාජ්ශාහිදී 
අප්‍රේල් 25 : තුන්වැනි එක්දින තරගය රාජ්ශාහිදී 
අප්‍රේල් 28 : පළමු විස්සයි-20 තරගය ශිලාත් හිදී 
අප්‍රේල් 30 : දෙවැනි විස්සයි-20 තරගය ශිලාත් හිදී 
මැයි 02 : තුන්වැනි විස්සයි-20 තරගය ශිලාත් හිදී 

අදහස් (0)

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම බංග්ලාදේශයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.