Last Update  :  2026-04-03 20:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයට 25 ක්

ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයට 25 ක්

editorial - 2026 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

සති තුනක කාලයක් ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම හා තරගවැදීම සඳහා වන සංචිතයට ටෙස්ට් ක්‍රීඩකයන් වන රමේෂ් මෙන්ඩිස් සහ ළහිරු කුමාර දෙදෙනා නම්කර සිටිති. ඒ සමගින්ම නිමාවූ පළමු පෙළ තරගාවලියේදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් එන්.සී.සී. පිලේ ළහිරු උදාර (තරග 10 කදී ලකුණු 908 ක්) සහ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් පොලිස් පිලේ දිලුම් සුධිරත් (තරග 10 කදී කඩුලු 61 ක්) නම්කර සිටිති. 

ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයට ක්‍රීඩකයන් 25 දෙනකු නම්කර තිබේ. ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ නායකයාව සිටි පසිඳු සූරියබණ්ඩාර තවදුරටත් ශ්‍රී ලංකා ‘ඒ’ පළමු පෙළ කණ්ඩායමේ නායකත්වය සඳහා නම්කර තිබේ. එක්දින තරගාවලියේදී සහන් ආරච්චිගේ ශ්‍රී ලංකා ‘ඒ’ පිල මෙහෙයවයි. 

අද (3 වැනිදා) දිවයිනට පැමිණෙන නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම අප්‍රේල් 27 වන දින දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කරයි. පළමු එක්දින තරගය මේ මස 5 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දෙවැනි එක්දින තරගයේ සිට අනෙක් සියලුම තරග හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 


ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය 
පසිඳු සූරියබණ්ඩාර (පළමු පෙළ නායකයා), සහන් ආරච්චිගේ (එක්දින නායකයා), කමිල් මිෂාර, ලසිත් කෲස්පුල්ලේ, නිශාන් මධුෂ්ක, ළහිරු උදාර, කවිජ ගමගේ, පවන් රත්නායක, නුවනිඳු ප්‍රනාන්දු, අහන් වික්‍රමසිංහ, සොනාල් දිනූෂ, සොහාන් ද ලිවේරා, මිලාන් රත්නායක, රවිඳු ප්‍රනාන්දු, චාමික හීනටිගල, වනුජ සහන්, විජයකාන්ත් වියස්කාන්ත්, ටේ‍රවින් මැතිව්ස්, විග්නේෂ්වරන් ආකාෂ්, රමේෂ් මෙන්ඩිස්, දිලුම් සුධීර, ඉසිත විජේසුන්දර, ළහිරු කුමාර, දුලාෂ් සමුදිත සහ ප්‍රමෝද් මධුෂාන්


අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතයට 25 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.