Last Update  :  2024-05-12 21:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ලකුණු 8 ක ජයක්

ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ලකුණු 8 ක ජයක්

editorial - 2024 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

හම්බන්තොටදී අද (28 වැනිදා) පැවැති පළමු වැනි නිල නොවන එක්දින තරගයේදී ලකුණු 08 ක සියුම් ජයක් අත්කරගත් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම තරග 5 කින් සමන්විත තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගත්තේය. තරගාවලියේ පෙරමුණ ගත් නමුත් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලබාගත් මෙම ජයග්‍රහණය නිසා ඇෆ්ඝනිස්තානු ‘ඒ’ ක්‍රීඩකයන් වෙතින් ඉදිරියේදී එල්ල විය හැකි තර්ජනය කුමක් ද යන්න ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ මැනවින් වටහා ගත්හ. 

ශ්‍රී ලංකා ‘ඒ’ පිල වෙනුවෙන් නිශාන් මධුෂ්ක (72) සහ නුවනිඳු ප්‍රනාන්දු (83) දෙදෙනාම අර්ධ ශතක ලබාගත්හ. එහෙත් දෙදෙනාගෙන් කෙනෙකුට හෝ ශතකයක් ලබාගත නොහැකි වීම අවාසියකි. 

ඇෆ්ඝනිස්ථානුවන් ඉලක්කය කරා යාමේදී රියාස් හසන් (100) සහ දර්විශ් රසූලි (75) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 163 ක සම්බන්ධතාවක් පැවැත්වූ නමුත් රසූලිගේ දැවී යාමෙන් පසුව කඩුලු බිඳ වැටෙන්නට විය. 

ඇෆ්ඝනිස්ථානුවන්ගේ ඉලක්කය ඕවර 48 කදී 286 ක් ලෙසින් සංශෝධනය කරන ලද නමුත් කායිස් අහමඞ්ගේ දැවී යාමෙන් පසුව තරගය ශ්‍රී ලංකා පිල වෙත නැඹුරු විය. 


ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 8 ට 304 යි
(නිශාන් මධුෂ්ක 72, ළහිරු උදාර 17, කමිල් මිෂාර 48, නුවනිඳු ප්‍රනාන්දු 83, පවන් රත්නායක 10, සහන් ආරච්චිගේ 18, දුෂාන් හේමන්ත 20, මොහොමඞ් සලීම් 63/3, බිලාල් සාමි 51/4)

ඇෆ්ඝනිස්ථානු ‘ඒ’ කණ්ඩායම - ඕවර 48 කදී කඩුලු 7 ට 277 යි
(රියාස් හසන් 100, ධර්විෂ් රසූලි 75, සහිදුල්ලා 20, ඉක්රම් අලිකිල් 13, ෆර්මනුල්ලා නොදැවී 20, කායිස් අහමඞ් 28, සහන් ආරච්චිගේ 40/3)

 

රියාස් හසන්  සහ ධර්විෂ් රසූලි ... 

 

කමිල් මිෂාර...

 

නිශාන් මධුෂ්ක ...

 

බිලාල් සාමි ...


අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ලකුණු 8 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.