Last Update  :  2025-11-21 23:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ බලාපොරොත්තු සුන්වෙයි

ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ බලාපොරොත්තු සුන්වෙයි

editorial - 2025 නොවැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී පැවැත්වෙන නැගී එන තරු ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අද (21 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම හමුවේ ලකුණු 5 ක තියුණු පරාජයක් ලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට අවසන් මහ තරගයට සුදුසුකම් නොලබාම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.  

තරගාවලියේ අවසන් මහ තරගය ඉරිදා (23 වැනිදා) පස්වරු 8.00 ට ආරම්භ වීමට නියමිත අතර එහිදී බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම තරග බිමට පිවිසෙනු ඇත. බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුවේ පළමු අවසන් පූර්ව තරගයේ ලකුණු සමවීමෙන් අනතුරුව පැවැති සුපිරි ඕවරයේදී ඉන්දීය ‘ඒ’ කණ්ඩායම පරාජයට පත්කරමිනි. 

ජයග්‍රහණය සඳහා ලකුණු 154 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට සුෆියාන් මුකීම් සහ සාද් මසූද් ප්‍රමුඛ පාකිස්තාන ‘ඒ’ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 148 ක් පමණි. විශිෂ්ඨ පන්දු යැවීම් නිරත වූ නිරත වූ සුෆියාන් ලකුණු 13 කට කඩුලු 3 ක්ද, මසූද් ලකුණු 18 කට කඩුලු 3 ක්ද දවාගත්හ. 

ලකුණු 99 කට කඩුලු 8 ක් බිඳවැටී තිබියදී ටේ‍රවීන් මැතිව් (නොදැවී 4) සමග එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 37 කදී ලකුණු 47 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට මිලාන් රත්නායක (40) සමත් වුවත්, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑමට තරම් එය ප්‍රමාණවත් නොවීය. පන්දු 32 කදී වාර්තා වූ මිලාන්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් අන්තර්ගත විය. 

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදීමට ලසිත් කෲස්පුල්ලේ (27) සහ විෂේන් හැලඹගේ (29) සමත් වුවද, ලකුණු 10 සීමාව පසුකර යෑමටත් මත්තෙන් සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යෑම හේතුවෙන් ශ්‍රී ලංකා හඹා යෑම අසාර්ථක විය. පන්දු 7 කට මුහුණදුන් කෲස්පුල්ලේ මෙන්ම පන්දු 27 කට මුහුණදුන් හැලඹගේද හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් බැගින් එල්ල කිරීමට සමත් වූහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 153 ක් ලබාගත් අතර පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ඝාසි ඝෝරි පන්දු 36 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 39 ක් රැස්කරමින් ඉනිම නිමාවට පත්වන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය. 

තරමක් වේගවත් ආරම්භයක් ලබාගත් මාස් සදාකත් පන්දු 11 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 23 ක් රැස්කළ අතර අවසන් ඕවර කිහිපයේදී පන්දු 8 කට මුහුණදුන් අහමඩ් ඩනියාල් ලකුණු 22 ක් රැස්කළේ හයේ පහර 3 ක් සමගිනි. සාද් මසූද් පන්දු 25 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 22 ක් රැස්කළේය. 
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ප්‍රමොද් මධුෂාන් සිය ඕවර 4 ලකුණු 29 කට සීමා කරමින් කඩුලු 4 ක් බිඳහෙළුවේ

අවසන් ඕවරයේදී දවාගත් කඩුලු 2 ත් සමගිනි. පාකිස්තාන ඉනිමේ දෙවැනි ඕවරයේදී පන්දුව අතට ගත් ටේ‍රවීන් මැතිව් එක දිගට සිය ඕවර 4 ම යවමින් ලකුණු 22 කට කඩුලු 3 ක් දවාගත්තේ තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි තැනටද පත්වෙමිනි. 

පාකිස්තාන ‘ඒ’ කාණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 9 කට 153 
(මොහොමඩ් නයීම් 16, මාස් සදාකත් 23, ඝාසි ඝෝරී නොදැවී 39, සාද් මසූද් 22, අහමඩ් ඩනියල් 22, ප්‍රමෝද් මධුෂාන් 29/4, ටේ‍රවීන් මැතිව් 22/3) 

ශ්‍රී ලංකා ‘ඒ’ කාණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 9 කට 148 
(ලසිත් කෲස්පුල්ලේ 27, විෂේන් හැලඹගේ 29, මිලාන් රත්නායක 40, සුෆියාන් මුකීම් 13/3, ශාහිඩ් අසිස් 18/3) 

-036 


අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ බලාපොරොත්තු සුන්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.