Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශන්ටෝගේ නායකත්වය ශ්‍රී ලංකා සංචාරයටත්
බංග්ලාදේශ පිලේ ශ්‍රී ලංකා සංචාරය

ශන්ටෝගේ නායකත්වය ශ්‍රී ලංකා සංචාරයටත්

editorial - 2025 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේදී බංග්ලාදේශ නායකත්වය නජ්මුල් හොසෙන් ශන්ටෝ වෙතම පැවරීමට බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ මස 17 වැනිදා ගාල්ලේදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගය වසර 2025 - 2027 ටෙස්ට් ලෝක ශූරතාවලියේ ආරම්භක තරගය ද වනු ඇත. 

මෙම තරගය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අමිල මෙහෙවරක් කළ හිටපු නායකයකු වන ඇන්ජලෝ මැතිව්ස්ගේ සමුගැනීමේ ටෙස්ට් තරගය ද වෙයි. 

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. ආබාධයක් හේතුවෙන් සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති තරගාවලියට ක්‍රීඩා නොකළ අතිරේක කඩුලු රකින්නා වන ලිටන් දාස් නැවතත් ටෙස්ට් සංචිතයට කැඳවා තිබේ. ඔහුට අමතරව වේග පන්දු යවන්නකු වන එබාදත් හොසේන් වසර දෙකකට පමණ පසුව නැවතත් බංග්ලාදේශ සංචිතයට පැමිණ ඇත. 

පළමු ටෙස්ට් තරගය ගාල්ලේදී පැවැත්වෙන බැවින් වමතින් පා දඟ පන්දු යවන්නනු ලෙස හසන් මුරාඩ් කණ්ඩායමට කැඳවා තිබේ. 

“ඉදිරි පෙළ පිතිකරුවකු වන නජ්මුල් හොසේන් ශන්ටෝ බංග්ලාදේශ ටෙස්ට් නායකයා ලෙස තවත් වසරක කාලයක් රඳවා ගන්නවා. කණ්ඩායමේ නායකයා ලෙසින් 2024 දී ඔහු භාරගත් භූමිකාව දිගටම කරගෙන යාවි. ඒ වගේම තුන් ඉරියව් ක්‍රීඩක මෙහෙදි හසන් මිරාස් කණ්ඩායමේ උප නායකයා ලෙස දිගටම කටයුතු කරනු ඇත” යයි ටෙස්ට් සංචිතය නිවේදනය කරමින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරන ලද නිවේදනයකි කියැවිණ. 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය මේ මස 17 වැනිදා සිට ගාල්ලේදී පැවැත්වේ. දෙවැනි ටෙස්ට් තරගය ජුනි 25 වන දින කොළඹදී එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. 

බංග්ලාදේශ කණ්ඩායම ජුනි 13 වන දින ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.

 

බංග්ලාදේශ ටෙස්ට් සංචිතය
නජ්මුල් හොසේන් ශන්ටෝ (නායකයා), මෙහෙදි හසන් මිරාස් (උප නායකයා), ශද්මන් ඉස්ලාම්, අනමුල් හක් බිජෝයි, මොමිනුල් හක් ෂෞරබ්, මුෂ්ෆිකුර් රහීම්, ලිටන් දාස් (එක්දින හා විස්සයි-20 නායකයා මෙන්ම අතිරේක කඩුලු රකින්නා), මහිදුල් ඉස්ලාම්, ජේකර් අලී අනීක්, තයිජුල් ඉස්ලාම්, නයීම් හසන්, හසන් මුරාඩ්, එබාදත් හොසේන් චෞද්රි, හසන් මහමුද්, නහීද් රානා සහ සෙයිඩ් කාලිඩ් අහමඩ් 


අදහස් (0)

ශන්ටෝගේ නායකත්වය ශ්‍රී ලංකා සංචාරයටත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.