Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වෝනර් - මාෂ් දිල්ලියට ජය ගෙනෙති
අයි.පී.එල්.- 2022

වෝනර් - මාෂ් දිල්ලියට ජය ගෙනෙති

editorial - 2022 මැයි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩේවිඩ් වෝනර් (නොදැවී 52) සහ මිචෙල් මාෂ්ගේ (89) පිතිහරඹයන් හමුවේ රාජස්තාන් රෝයල් පිලට එරෙහිව මුම්බායිහිදී අද (11 වැනිදා) පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 58 වැනි තරගය කඩුලු 8 කින් ජය ගැනීමට දිල්ලි කැපිටල් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 161 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි පිල ඕවර 18.1 කදී කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියේය.

දෙවැනි කඩුල්ල සඳහා පන්දු 101 කදී ලකුණු 144 ක සම්බන්ධතාවක් පැවැත්වූ ඩේවිඩ් වෝනර් සහ මිචෙල් මාෂ් දිල්ල පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

මිචෙල් මාෂ් පන්දු 62 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 5 ක් සමගින් වේගවත් ලකුණු 89 ක් ලබාගත් අතර ඩේවිඩ් වෝනර් පන්දු 41 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 52 ක් ලබාගැනීමට සමත්විය.

කාසියේ වාසිය දිනූ දිල්ලි කැපිටල් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් රාජස්තාන් රෝයල්ස් පිල ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 160 ක් ලබාගැනීමට සමත්විය.

පිතිකරු ලැයිස්තුවේ උසස්වීමක් ලැබූ රවිචන්ද්‍රන් අශ්වින් පන්දු 38 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 50 ක් ලබාගනිමින් රාජස්තාන් රෝයල්ස් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්විය. ඔහුට අනගි සහයක් ලබාදුන් දෙව්දූත් පඩික්කල් පන්දු 30 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 48 ක් ලබාගත්තේය.

දෙවැනි කඩුල්ල සඳහා යශෂ්වී ජයස්වාල් සමගින් පන්දු 32 කදී ලකුණු 43 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රවිචන්ද්‍රන් අශ්වින් ඉන් නොනැවතී තෙවැනි කඩුල්ල සඳහා දෙව්දූත් පඩික්කල් සමගින පන්දු 36 කදී තවත් ලකුණු 53 ක සම්බන්ධතාවක් ගොඩනැගීය.

තරගයේ වීරයාට හිමි සම්මානය මිචෙල් මාෂ් විසින් දිනාගන්නා ලදී.


රාජස්තාන් රෝයල්ස් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 160
(රවිචන්ද්‍රන් අශ්වින් 50, දෙව්දූත් පඩික්කල් 48, චේතන් සකාරියා 23/2, මිචෙල් මාෂ් 25/2, ඇන්රිච් නොකියා 39/2)

දිල්ලි කැපිටල් - ඕවර 18.1 කදී කඩුලු 2 ක් දැවී 161

(ඩේවිඩ් වෝනර් නොදැවී 52, මිචෙල් මාෂ් 89)

- 2079

 


අදහස් (0)

වෝනර් - මාෂ් දිල්ලියට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.