Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වොලිබෝල් සංචිතයේ 6 කට කොරෝනා

වොලිබෝල් සංචිතයේ 6 කට කොරෝනා

editorial - 2021 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජපානයේදී පැවැත්වෙන ආසියානු වොලිබෝල්  (පිරිමි) ශූරතාවලියට සහභාගි වීමේ සූදානමින් කොළඹ සුගතදාස හෝටලයේ  නේවාසිකව පුහුණුවන ජාතික (පිරිමි) වොලිබෝල් සංචිතයේ ක්‍රීඩකයන් පස් දෙනකුට හා පුහුණුකරැවකුට කොවිඩ් අසාදනය වී තිබේ. එබැවින් ඔවුන් එහි පුහුණු කටයුතු වලින් ඉවත් කර ඇතැයි වාර්තා වේ.

කෙසේ වුවත් ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමෙන් අනතුරැව ජාතික වොලිබෝල් (පිරිමි) පුහුණු සංචිතයේ දෛනික පුහුණුවීම් දිගටම පවත්වා ගෙන යන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස්. නාලක මහතා පැවසීය.

කොවිඩ් රෝගී ක්‍රීඩකයන් හඳුනා ගැනීමෙන් පසු ක්‍රීඩා අමාත්‍යංශ වෛද්‍ය ඒකකයේ උපදෙස් මත සංචිතයේ ඉතිරි ක්‍රීඩකයන් කාණ්ඩ කරමින් වෙන වෙනම පුහුණු සැලැස්මක්  යටතේ තවදුරටත් ජාතික වොලිබෝල් පුහුණු සංචිතයේ නේවාසික පුහුණුවීම්  අඛණ්ඩව පවත්වා ගෙන යන බවත් ඔහු පැවසීය.
කොවිඩ් රෝගීන් ලෙස හඳුනාගත් මෙම වොලිබෝල් ක්‍රීඩකයන්  හා පුහුණුකරැ කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගත් අය බවද පැවසේ.

ජපානයේ ‘චීබා’නුවරදී ලබන සැප්තැම්බර්  12 සිට 19 වැනිදා දක්වා ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතා තරගාවලිය පැවැත්වේ. ඒ සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 16ක් සහභාගි වේ.

පසුගිය ජූලි 14 වැනිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංණයේදී උස්බෙකිස්ථාන ජාතික වොලිබෝල් කණ්ඩායමට එරෙහිව පැවැති කඩඉම් තරගය වට 3/0 කින් ජය ගනිමින් ශ්‍රී ලංකාව ඒ සඳහා සුදුසුකම් ලබා ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීම සඳහා දැන් සුගතදාස ගෘහස්ථ  පිටියේදී පවත්වාගෙන යන ජාතික (පිරිමි) වොලිබොල් සංචිතයට ක්‍රීඩකයෝ 20 දෙනක් ඇතුළත් වෙති.

 


අදහස් (0)

වොලිබෝල් සංචිතයේ 6 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.