Last Update  :  2024-05-01 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වේගවත්ම මිනිසා හිමාෂ, කාන්තාව රුමේෂිකා

වේගවත්ම මිනිසා හිමාෂ, කාන්තාව රුමේෂිකා

ශනුක අරවින්ද - 2016 පෙබ මස 09 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ඉන්දියාවේදී පැවැත්වෙන 12 වැනි දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී වේගවත්ම මිනිසා මෙන්ම වේගවත්ම කාන්තාව ශ‍්‍රී ලංකාවෙන් බිහිවිය. ශ‍්‍රී ලංකාවේ හිමාෂ ඒෂාන් මීටර 100 පිරිමි ඉසව්වේ රන් පදක්කම අද (9) දිනා ගත්තේ නව වාර්තා දෙකක් ද පිහිටුවමිනි. තත්පර 10.28 කින් තරගය අවසන් කළ ඒෂාන්  ගේ මෙම දස්කම දකුණු ආසියානු තරග වාර්තාව මෙන්ම එහි පැවැති ශ‍්‍රී ලංකා වාර්තාව ද අභිබවා යමකි.

වසර 16 කට ඉහතදී ඉන්දියාවේ අනිල් කුමාර් පිහිටුවා තිබු (තත්පර 10.37) දකුණු ආසියානු වාර්තාව මෙන්ම 1999 වසරේ චින්තන ද සිල්වා (තත්පර 10.29) ගේ ශ‍්‍රී ලංකා වාර්තාව ද හේෂාන් මෙලෙස බිද දැමීය. 19 හැවිරිදි ඒෂාන් සාග් රන් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව ද මෙය වේ.

දකුණු ආසියාවේ කෙටි දුර ධවන ශූරිය වෙමින් ශ‍්‍රී ලංකාවේ රුමේෂිකා රත්නායක මීටර 100 කාන්තා රන් පදක්කම දිනා ගත්තාය. ඇය තරගය තත්පර 11.71 කින් අවසන් කළාය. ඉන්දිය ක‍්‍රීඩිකා සබානි තන්ද්‍ර (තත්පර 11.72) රිදී පදක්කම දිනා ගත්තේ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවට අභියෝගයක් ගෙන දෙමිනි.

-090

 


අදහස් (2)

වේගවත්ම මිනිසා හිමාෂ, කාන්තාව රුමේෂිකා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.