Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වේගවත්ම ධාවකයා විරේන් බොතේජු
එලියකන්ද තරණය

වේගවත්ම ධාවකයා විරේන් බොතේජු

editorial - 2024 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය 27 වැනි වරට සංවිධානය කළ ‘එලියකන්ද තරණය’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී තරගකරුවෙකු වාර්තා කළ වේගවත්ම තරග නිමි කාලයට හිමිකම් කියමින් තරගාවලියේ දක්ෂම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට විරේන් බොතේජු සමත් විය. 

එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ තරගයට සහභාගි වූ විරේන්ට එම තරගයේ ගමන් වාරයක් නිමා කිරීම සඳහා ගතවූ අවම කාලය වූයේ තත්ත්පර 31.359 කි. කෙසේ වුවත් එදා මෙදා තුර එළියකන්ද තරණ ඉතිහාසයේ වේගවත්ම තරග නිමි කාලයේ වාර්තාව ලෙස සැලකෙන්නේ 2021 වසරේදී අශාන් සිල්වා විසින් පිහිටුවන ලද තත්ත්පර 31.26 ක වාර්තාවය. 

මෙවර තරගාවලියේදී අඩුම කාලයකින් තරගය නිමා කළ යතුරුපැදිකරුවා ලෙස සම්මාන හිමිකරගැනීමට ඉසුරු මධුරංග සමත් විය. ඔහු එම සම්මානයට හිමිකම් කීවේ එස්.එම්. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 450 දක්වා) සුපර් මෝටාඞ් යතුරුපැදි තත්ත්පර 33.512 කින් නිමා කරමිනි. එහෙත් ඔහුට එළියකන්ද තරණයේ යතුරුපැදි තරග වාර්තාව බිඳ දැමීමට නොහැකි විය. 

තවමත් මෙම තරගාවලියේදී අඩුම කාලයකින් තරග වාරයක් නිමා කළ යතුරුපැදිකරුවා ලෙස වාර්තාවට හිමිකම් කියන්නේ සංගීත් සුරිගේය. ඔහු එම වාර්තාවට හිමිකම් කීවේ ඉකුත් වසරේදී (2023) එස්.එම්. කාණ්ඩයේ සුපර් මෝටාඞ් විවෘත යතුරුපැදි තරගයේදී තත්ත්පර 33.439 ක කාලයක් වාර්තා කරමිනි. 

මාතර බ්‍රවුන්ස් කන්ද කේණ්ද්‍ර කරගෙන මීටර් 600 ක දිගකින් යුත් තාර ඇතිරූ මාර්ගයක පැවැති මෙම තරගාවලියට මෝටර් රථ ඉසව් 15 ක් සහ යතුරුපැදි ඉසව් 15 ක් ඇතුළත් වූ අතර ඒ සඳහා තරගකරුවෝ 150 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූහ. තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස මොබිටෙල් සමාගම කටයුතු කළේය. 


අදහස් (0)

වේගවත්ම ධාවකයා විරේන් බොතේජු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.