Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වේග පන්දු යවන්නෝ නවසීලන්තය දිනවති

වේග පන්දු යවන්නෝ නවසීලන්තය දිනවති

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ඩුනෙඩීන්හිදී අද (13 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 183 ක පහසු ජයක් අත්කර ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරග 2 ක් ඉතිරිව තිබියදීම 3-0 ක් ලෙස ජයගැනීමටද නවසීලන්යට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 258 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායම ඕවර 27.2 ක් අවසානයේ ලකුණු 74 කට සීමා කිරීමට ටේ‍රන්ට් බෝල්ට් ප්‍රමුඛ නවසීලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ බෝල්ට් ඕවර 7.2 ක් යවා ලකුණු 17 කට කඩුලු 5 ක් බිඳ හෙළමින් නවසීලන්ත ඉනිම සුනුවිසුණු කර දැමීය. පාකිස්තාන ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා බෝල්ට්ට අනගි සහායක් දුන් කොලින් මුන්රෝ සහ ලොකී ෆර්ගියුසන් කඩුලු 2 බැගින් දවාගත්හ.

පිතිකරුවන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් දැවී යාම පාකිස්තාන කණ්ඩායමේ පරාජයට ප්‍රධානතම හේතුව වූ අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ රුම්මාන් රායිස් පන්දු 14 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 16 ක් රැස්කළේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 257 ක් රැස්කළේය. එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කේන් විලියම්සන් පන්දු 101 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 73 ක් රැස්කළේය.

මාටින් ගප්ටිල් (45) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 111 කදී ලකුණු 69 ක සම්බන්ධතාවක් ගොඩනැගූ විලියම්සන්, ඉන් නොනැවතී රොස් ටේලර් (52) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 78 කදී ලකුණු 74 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් නවසීලන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය. පන්දු 62 කදී වාර්තා වූ ගප්ටිල්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් වූ අතර පන්දු 64 කදී වාර්තා වූ ටේලර්ගේ අර්ධ ශතකයට හතරේ පහර 4 ක් ඇතුළත් විය.

රුම්මාන් රායිස් සහ හසන් අලී කඩුලු 3 බැගින් දවාගනිමින් පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර ශඩාබ් ඛාන් කඩුලු 2 ක් දවාගත්තේය.


නවසීලන්තය - ඕවර 50 කදී සියලු දෙනා දැවී 257
(මාටින් ගප්ටිල් 45, කේන් විලියම්සන් 73, රොස් ටේලර් 52, ටොම් ලේතම් 35, රුම්මාන් රායිස් 51/3, හසන් අලී 59/3, ශඩාබ් ඛාන් 51/2)

පාකිස්තානය - ඕවර 27.2 කදී සියලු දෙනා දැවී 74  
(සර්ෆරාස් අහමඞ් 14, මොහොමඞ් අමීර් 14, රුම්මාන් රායිස් 16, ටේ‍රන්ට් බෝල්ට් 17/5, කොලින් මුන්රෝ 10/2, ලොකී ෆර්ගියුසන් 28/2)

 


- 036

 


අදහස් (0)

වේග පන්දු යවන්නෝ නවසීලන්තය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.