Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රීඩාංගණයේ සිට)
කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට දායාද කළ විශිෂ්ටයෝ කිහිප දෙනෙකි. චමින්ද වාස් ඔවුන් අතර ඉදිරියෙන්ම සිටින්නෙකි. කිසිම විවාදයකින් තොරවම, එවන් විශිෂ්ටයන්ගේ කාණ්ඩයට එකතු වන ඇන්ජලෝ මැතිව්ස් හෙට (23 වැනිදා) ගාල්ලේදී තම 100 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට සූදානමින් සිටී.
පාකිස්තානයට එරෙහිව ගාල්ලේදී හෙට ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගයේදීම දුනිත් වෙල්ලාලගේත් සිය මංගල ටෙස්ට් හිස්වැස්ම පැළඳිමට සූදානම් වෙමින් සිටී. ඇන්ජලෝ මැතිව්ස් මෙන්ම දුනිත් වෙල්ලාලගේත් කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි අයෙකි.
පළමු ටෙස්ට් තරගයේදී සිය ඇඟිල්ල තුවාල කරගත් මහීෂ් තීක්‍ෂණ වෙනුවට දුනිත් වෙල්ලාලගේ අද තරගයේදී ටෙස්ට් වරම් දිනාගැනීමට නියමිතය.
ටෙස්ට් තරග දෙකකදී කඩුලු 21 ක් දවාගෙන සිටින ප්‍රභාත් ජයසූරිය මෙන්ම දුනිත් වෙල්ලාලගේත් වමතින් දඟ පන්දු යවන්නෙකි. සැකය වන්නේ වමතින්ම දඟ පන්දු යවන්නන් දෙදෙනකු කුමටද යන්නයි. එහෙත් පන්දු යැවීමේදී මේ දෙදෙනා තරමක් වෙනස් ආකාරයේ පන්දු යවන්නෝ දෙදෙනෙකි.
තරමක් උස ක්‍රීඩකයකු වන ප්‍රභාත් ජයසූරිය, නිශ්චිත ඉලක්කයකට පන්දු යවන, 30 හැවිරිදි පළපුරුදු ක්‍රීඩකයෙකි. තණතීරුවේ ඉපිළීම තිබේ නම් ජයසූරියගෙන් හොඳ ප්‍රයෝජන ලබාගත හැකි අතර අවසන් වරට පැවැති ටෙස්ට් තරග දෙකේදීම දැකගත හැකිවූයේ එයයි.
තවමත් 19 හැවිරිදි දුනිත් වෙල්ලාලගේ, ප්‍රභාත් තරම් උස ක්‍රීඩකයකු නොවේ. යම් හෙයකින් තණතීරුවේ ඉපිළීම අඩු තත්ත්වයක පවතින්නේ නම් වෙල්ලාලගේ ඉතාමත් ප්‍රයෝජනවත් වනු නිසැකය. ඇරත් පන්දුවෙන් විවිධ අත්හදා බැලීම් කරමින්, ආක්‍රමණශීලීව පන්දු යවන වෙල්ලාලගේ ඕස්ට්‍රේලියානු පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී වැඩිම කඩුලු ලාභියාද වූයේය.
මේ කරුණු දෙකම එසේම තිබියදී, දශකයකටක් වැඩි කාලයක් තිස්සේ දැකගත හැකි සත්‍යය නම් පාකිස්තානු පිතිකරුවන් වමත් දඟ පන්දු යවන්නන් හමුවේ දුර්මුඛ වන බවයි.
ශ්‍රී ලංකා නායකයා හමුවේ අද තිබෙන බරපතළම ප්‍රශ්නය වන්නේ තමන්ගේ සහාය ආරම්භක පිතිකරුවා විය යුත්තේ කවුරුන්ද යන්නයි. කොරෝනාවෙන් සුවය ලැබූ පැතුම් නිස්සංක නැවතත් කණ්ඩායමට එක්වී සිටී. එසේ නම්, ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිපත්තිය අනුව, පළමු ටෙස්ට් තරගයේදී ආරම්භක පිතිකරුවා වූ ඕෂධ ප්‍රනාන්දු ඔහුගේ ස්ථානය පැතුම් නිස්සංකට දී පැත්තකට විය යුතුව තිබේ. එහෙත් ගැටළුව ඇත්තේ ඕෂධ සහ පැතුම් නිස්සංක දෙදෙනා ලකුණු අතර රැඳෙන ආකාරයේයි.
ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරග දෙකේ ඉනිම 3 කදී පැතුම් නිස්සංකට ලබාගත හැකිවූයේ ලකුණු 43 කි. එහෙත් පළමු ටෙස්ට් තරගයේදී පැතුම් වෙනුවට ආදේශ කරන ලද ඕෂධ ඉනිම දෙකේදී ලකුණු 35 ක් සහ 64 ක් ලබාගත්තේය. එබැවින් හෙට තරගයේදී ආරම්භක පිතිකරුවා සම්බන්ධයෙන් සිතාබලා තීරණයක් ගතයුතුව තිබේ.
ඒ හැරෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරු ලයිස්තුව එලෙසින්ම පවතිනු ඇතැයි දැනගන්නට තිබේ. එහෙත් නිරෝෂන් දික්වැල්ලට ස්ථානය රැකගත හැකිවේද, නැතහොත් දිනේෂ් චන්දිමාල්ට කඩුලු රැකීමේ අත් ආවරණ බාරදී, පැතුම් නිස්සංක කණ්ඩායමට කැඳවීමත් තිබෙන තවත් විකල්පයකි. එසේ වුවහොත්, කණ්ඩායමේ ප්‍රතිපත්තිය අනුව, පැතුම්ට නැවතත් තමන්ගේ ස්ථානය හිමිවන අතරම ඕෂධටත් කණ්ඩායමේ ස්ථානය රැකගත හැකිවනු ඇත. ඒ අතරවාරයේදීම කණ්ඩායමේ පිතිකරු අංශය ඉතාමත් ශක්තිමත් වන බවද නොරහසකි.
පළමු ටෙස්ට් තරගයේදී හතරේ පහරක් වැළැක්වීමට ගොස් දණ බිම ඇනගත් ශහීන් ෂා අෆ්රීඩි හෙට තරගය සඳහා ක්‍රීඩා නොකරයි. එබැවින් ඔහුගේ 100 වැනි ටෙස්ට් කඩුල්ල දවාගැනීම තවත් ටිකක් ප්‍රමාද කිරීමට සිදුව තිබේ. තවමත් 22 හැවිරිදි ක්‍රීඩකයකු වන ශහීන් ෂා අෆ්රීඩි, මේ වන විට ටෙස්ට් තරග 25 කදී කඩුලු 99 ක් දවාගෙන තිබේ.
අෆ්රීඩි වෙනුවට හෙට තරගයේදී හාරිස් රවුෆ් හෝ ෆාහිම් අශ්රෆ් පකිස්තානු කණ්ඩායමට කැඳවීමේ සූදානමක් තිබේ. ගාල්ලේ තණතීරුව දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය යයි කීවද, පාකිස්තානුවෝ තමන්ගේ වේග පන්දු යවන්නන් කෙරේ විශ්වාසය තබා සිටිති. පළමු තරගයේදීත් ශ්‍රී ලංකාවේ මුල් ඉනිම ලකුණු 222 කට සීමාවූයේ ශහීන් ෂා අෆ්රීඩි (58/4) පන්දු යැවීම හේතුවෙනි.
ඇන්ජලෝ මැතිව්ස් තම 100 වැනි ටෙස්ට් තරගයට සහභාගි වීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ගාල්ල ක්‍රීඩාංගණයේදී චාම් උත්සවයක් සූදානම් කර තිබේ. මෙම උත්සවයේ විශේෂ ආරාධිතයකු වශයෙන් හිටපු වේග පන්දු යවන්නකු වන චමින්ද වාස් මහතා සහභාගි වන අතර ඇන්ජලෝ මැතිව්ස්ගේ පවුලේ අයත් සහභාගි වීමට නියමිතය.
ශ්‍රී ලංකා සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක, දුනිත් වෙල්ලාලගේ සහ ජෙෆ්රි වැන්ඩසේ, පැතුම් නිස්සංක සහ ලක්ෂිත මනසිංහ
පාකිස්තානු සංචිතය
බාබර් අසාම් (නායක), මොහොමඩ් රිස්වාන්, අබ්දුල්ලා ශෆීක්, අසාර් අලී, ෆහීම් අශ්රෆ්, ෆවාඩ් අලාම්, හාරිස් රයුෆ්, හසන් අලී, ඉමාම් උල් හක්, මොහොමඩ් නවාස්, නසීම් ශා, නවුමන් අලී, සල්මන් අලී අඝා, සර්ෆ්‍රාස් අහමඩ්, සවුද් ශකීල්, සහීන් ශා අෆ්රීඩි, ශාන් මසූඩ් සහ යසීර් ෂා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.