Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ක්‍රීඩකයන් 108 දෙනෙක් ඉන්දීය රුපියල් කෝටියකට වැඩි මුදලකට අලෙවි වී ඇත. එහිදී වැඩිම ක්‍රීඩකයන් සංඛ්‍යාවක් (14 ක්) කෝටියකට වැඩි මුදලකට මිලදීගනු ලැබ ඇත්තේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම විසිනි.
වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වූයේ කඩුලු රකින ක්‍රීඩක ඉෂාන් කිෂන්ය.
ඉන්දීය රුපියල් කෝටි 15.25 ක මුදලකට ඔහුව මිලදී ගැනීමට මුම්බායි ඉන්දීයන්ස් කණ්ඩායමේ හිමිකරුවෝ ඉදිරිපත් වූහ.
දීපක් චාහර් ඉන්දීය රුපියල් කෝටි 14 ක මුදලකට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට අලෙවි වූ අතර ශ්‍රෙයාස් අයියර් ඉන්දීය රුපියල් කෝටි 12.25 මුදලකට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමට අලෙවි විය.
එහිදී වැඩිම මිලක් හිමිවූ විදෙස් ක්‍රීඩකයා වූයේ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩකලයෑම් ලිවිංග්ස්ටන්ය. ඉන්දීය රුපියල් කෝටි 11.5 ක මුදලකට ඔහුව මිලදී ගැනීමට පන්ජාබ් කිංග්ස් පිල ඉදිරිපත් විය.
බටහිර ඉන්දීය කොදෙව් කඩුලු රකින ක්‍රීඩක නිලස් පූර්න් සන්රයිසස් හයිද්‍රාබාද් පිලටත්, ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග රේයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලටත් ඉන්දීය රුපියල් කෝටි 10.75 ක මුදලකට අලෙවි වූහ.
මෙවර ක්‍රීඩක වෙන්දේසිය ඉකුත් සෙනසුරාදා සහ ඉරිදා බැංගලෝර්හිදී පැවැති අතර ක්‍රීඩකයන් 590 දෙනකු වෙන්දේසි කෙරිණ. ඔවුන් අතරින් 228 දෙනෙක් ජාත්‍යන්තර වරම් දිනා ඇති ක්‍රීඩයකයන් වූ අතර 355 දෙනෙක් තවමත් ජාත්‍යන්තර වරම් දිනා නොමැති ක්‍රීඩකයෝ වූහ.
සෑම කණ්ඩායමකටම විදෙස් ක්‍රීඩකයන් 8 ක් සහ ඉන්දීය ක්‍රීඩකයන් 17 ක් මිලදී ගැනීමට එහිදී අවස්ථාව හිමිවිය. කෙසේ වුවත් වෙන්දේසියට ඉදිරිපත් වූ ක්‍රීඩකයන් අතරින් කණ්ඩායම්වල හිමිකරුවන් විසින් මිලදී ගනු ලැබුවේ ඉන්දීය ක්‍රීඩකයන් 204 දෙනකු සහ විදෙස් ක්‍රීඩකයන් 67 දෙනකු පමණි.
මුම්බායි ඉන්දියන්ස් පිල
ඉෂාන් කිෂන් - කෝටි 15.25
ටිම් ඩේවිඩ් - කෝටි 8.25
ජොෆ්රා ආචර් - කෝටි 8
ඩෙවොල්ඩ් බ්‍රේව්ස් - කෝටි 3
ඩැනියෙල් සෑම්ස් - කෝටි 2.6
තිලක් වර්මා - කෝටි 1.70
මුරුගන් අෂ්වින් - කෝටි 1.6
ටයිමාල් මිල්ස් - කෝටි 1.5
ජයදේව් උනාඩ්කට් - කෝටි 1.3
රිලී මෙරිඩිත් - කෝටි 1
චෙන්නායි සුපර් කිංග්ස් පිල
දීපක් චාහර් - කෝටි 14
අම්බටි රයිඩු - කෝටි 6.75
ඩ්වේන් බ්‍රාවෝ - කෝටි 4.4
ශිවම් ඩූබේ - කෝටි 4
ක්‍රිස් ජෝර්ඩාන් - කෝටි 3.6
රොබින් උතප්පා - කෝටි 2
ඇඩම් මිලන් - කෝටි 1.9
මිචෙල් සෑන්ට්නර් - කෝටි 1.9
රාජ්වර්ධන් හංගගේකර් - කෝටි 1.5
ප්‍රෂාන්ත් සොලිංකි - කෝටි 1.2
ඩෙවෝන් කොන්වේ - කෝටි 1
කොල්කටා නයිට්රයිඩර්ස් පිල
ශ්‍රෙයාස් අයියර් - කෝටි 12.25
නිතිෂ් රානා - කෝටි 8
පැට් කමින්ස් - කෝටි 7.25
ශිවම් මාවි - කෝටි 7.25
සෑම් බිලංග්ස් - කෝටි 2
උමේෂ් යාදව් - කෝටි 2
ඇලෙක්ස් හේල්ස් - කෝටි 1.5
ටිම් සවුති - කෝටි 1.5
අජින්ක්‍යා රහනේ - කෝටි 1
මොහොමඩ් නබී - කෝටි
පන්ජාබ් කිංග්ස් පිල
ලයෑම් ලිවිංග්ස්ටන් - කෝටි 11.50
කගිසෝ රබාඩා - කෝටි 9.25
ශාරුඛ් ඛාන් - කෝටි 9
ශිකර් ධවාන් - කෝටි 8.25
ජොනී බෙයාස්ටෝ - කෝටි 6.75
ඔඩේන් ස්මිත් - කෝටි 6
රාහුල් චාහර් - කෝටි 5.25
හර්ප්‍රීත් බ්‍රාර් - කෝටි 3.8
රාජ් බාවා - කෝටි 2
විභව් අරෝරා - කෝටි 2
සන්රයිසස් හයිද්‍රාබාද් පිල
නිකලස් පූරන් - කෝටි 10.75
වොෂින්ටන් සුන්දර් - කෝටි 8.75
රාහුල් ත්‍රිපාටි - කෝටි 8.5
රොමාරියෝ ශෙපර්ඩ් - කෝටි 7.75
අභිෂේක් ශර්මා - කෝටි 6.5
මාර්කෝ ජැන්සන් - කෝටි 4.2
බුවනේෂ්වර් කුමාර් - කෝටි 4.2
කාර්තික් ත්‍යාගි - කෝටි 4
ටී. නටරාජන් - කෝටි 4
ඒඩ්න් මාක්‍රම් - කෝටි 2.6
ෂොන් ඇබට් - කෝටි 2.4
ග්ලේන් පිලිප්ස් - කෝටි 1.5
දිල්ලි කැපිටල්ස් පිල
ශර්ධුල් ඨාකුර් - කෝටි 10.75
මිචෙල් මාෂ් - කෝටි 6.5
ඩේවිඩ් වෝනර් - කෝටි 6.25
ඛලීල් අහමඩ් - කෝටි 5.25
චේතන් සාකරියා - කෝටි 4.2
රෝමන් පවෙල් - කෝටි 2.8
මුස්තෆිසුර් රහමන් - කෝටි 2
කුල්දීප් යාදව් - කෝටි 2
කේ.එස්. භාරත් - කෝටි 2
කම්ලේෂ් නාගර්කෝටි - කෝටි 1.1
මන්දීප් සිං - කෝටි 1.1
රේයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල
වනිඳු හසරංග - කෝටි 10.75
හර්ෂාල් පටේල් - කෝටි 10.75
ජොෂ් හෙසල්වුඩ් - කෝටි 7.75
ෆෆ් ඩුප්ලෙසි - කෝටි 7
දිනේෂ් කාර්තික් - කෝටි 5.5
අනූජ් රාවට් - කෝටි 3.4
ශාබාස් අහමඩ් - කෝටි 2.4
ඩේවිඩ් විලී - කෝටි 2
ශර්ෆේන් රදර්ෆෝඩ් - කෝටි 1
ගුජරාට් ටයිටන්ස් පිල
ලෝකී ෆර්ගියුසන් - කෝටි 10
රාහුල් තේවතියා - කෝටි 9
මොහොමඩ් සාමි - කෝටි 6.25
යෂ් දයාල් - කෝටි 3.2
ඩේවිඩ් මිලර් - කෝටි 3
සායි කිෂෝර් - කෝටි 3
අභිනව් මනෝහර් - කෝටි 2.6
මැතිව් වේඩ් - කෝටි 2.4
අල්සාරි ජෝෂප් - කෝටි 2.4
ජේසන් රෝයි - කෝටි 2
රිධිමන් සාහා - කෝටි 1.9
ජයන්ත් යාදව් - කෝටි 1.7
විජේ ශංකර් - කෝටි 1.4
ඩොමිනික් ඩර්ක්ස් - කෝටි 1.1
ලක්නව් සුපර් ජයන්ට්ස් පිල
අවේෂ් ඛාන් - කෝටි 10
ජේසන් හෝල්ඩර් - කෝටි 8.75
කෘනාල් පාණ්ඩ්‍යා - කෝටි 8.25
මාර්ක් වුඩ් - කෝටි 7.5
ක්වින්ටින් ඩි’කොක් - කෝටි 6.75
දීපක් හූඩා - කෝටි 5.75
මනීෂ් පාණ්ඩේ - කෝටි 4.6
එවින් ලුවිස් - කෝටි 2
දුෂ්මන්ත චමීර - කෝටි 2
රාජස්ථාන් රෝයල්ස් පිල
ප්‍රසිද් ක්‍රිෂ්ණා - කෝටි 10
ශිම්රන් හැට්මෙයර් - කෝටි 8.5
ටේරන්ට් බෝල්ට් - කෝටි 8
දෙව්දූත් පඩික්කල් - කෝටි 7.75
යුස්වේන්ද්‍ර චාහල් - කෝටි 6.5
රවිචන්ද්‍රන් අෂ්වින් - කෝටි 5
රියාන් පරාග් - කෝටි 3.8
නව්දීප් සයිනි - කෝටි 2.6
නේතන් කූල්ටර් නයිල් - කෝටි 2
ජේම්ස් නීෂම් - කෝටි 1.5
කරුන් නායර් - කෝටි 1.4
රාසි වැන්ඩර් ඩසන් - කෝටි 1
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.