Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විස්සයි-20 තරගාවලියේ ජය ඉන්දියාවට

විස්සයි-20 තරගාවලියේ ජය ඉන්දියාවට

editorial - 2023 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අක්සර් පටේල්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕස්ටේ්‍රලියාවට එරෙහිව රායිපූර්හිදී ඊයේ (1 වැනිදා) පැවැති සිවුවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 20 ක ජයක් ලැබූ ඉන්දියාව, දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 3-1 ක් ලෙස ජයගැනීමට සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 175 ක ඉලක්කයක් හඹාගිය ඕස්ටේ්‍රලියාවට ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් ලබාගත හැකි වූයේ ලකුණු 154 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ අක්සර් පටේල් ලකුණු 16 කට කඩුලු 3 ක් දවාගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළේය. 

ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක මැතිව් වේඞ් පන්දු 23 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 36 ක් රැස්කරමින් ඉනිම නිමාවට පත්වන තෙක්ම කඩුල්ලේ රැදී සිටියද ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව, ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 175 ක් ලබාගත් අතර වේගවත් පිතිහරඹයක නිරත වූ රිංකු සිං හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 46 ක් රැස්කළේය. ජිතේෂ් ශර්මා පන්දු 19 කින් ලකුණු 35 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගිනි.  


ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 9 කට 174 
(යසස්වි ජයිස්වාල් 37, රුතුරාජ් ගයික්වාඞ් 32, රිංකු සිං 46, ජිතේෂ් ශර්මා 35, බෙන් ඞ්වෝෂුයිස් ටැන්වීර් 40/3, සැන්හා 30/2, ජේසන් බෙරන්ඩෝෆ් 32/2) 

ඕස්ට්‍රේලියාව - ඕවර 20 කදී කඩුලු 7 කට 154 
(ට්‍රැවීස් හෙඞ් 31, බෙන් මැක්ඩමොට් 19, ටිම් ඬේවිඞ් 19, මැතිව් ෂෝට් 22, මැතිව් වේඞ් නොදැවී 36, අක්සර් පටේල් 16/3, දීපක් චාහර් 44/2) 

-036 


අදහස් (0)

විස්සයි-20 තරගාවලියේ ජය ඉන්දියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.