Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
ආසියානු කුසලාන සහ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි සදහා ක්‍රීඩකයින් සූදානම් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරන ආරාධිත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 9 වැනිදා ආරම්භ වේ.
ඒ අනුව අගෝස්තු 9 වැනිදා ආරම්භ වන තරගාවලිය 16 වැනිදා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
රෙඩ්, බ්ලූ, ග්‍රීන් සහ ග්‍රේ ලෙස කණ්ඩායම් 4 ක් යටතේ ජාතික සහ පළමු පෙල ක්‍රීඩකයන් 60 දෙනෙකු තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.
දසුන් ශානක (ග්‍රීන්), චරිත් අසලංක (බ්ලූ), කුසල් මෙන්ඩිස් (රෙඩ්) සහ අෂාන් ප්‍රියංජන් (ග්‍රේ) කණ්ඩායම් 4 නායකයන් ලෙස කටයුතු කරති.
දින 4 ක් පුරා පැවැත්වෙන තරගාවලියට තරග 7 ක් ඇතුළත් වේ. එක් දිනකදී තරග 2 ක් පැවැත්වෙන අතර පළමු තරගය පස්වරු 3.00ත් දෙවැනි තරගය විදුලි ආලෝකය මධ්‍යයේ රාත්‍රී 7.30ත් ආරම්භ වේ. අවසන් මහා තරගය අගෝස්තු 16 දා රාත්‍රී 7.30 ට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මූලික වටයේ දී සෑම කණ්ඩායමක්ම ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් 3 සමගින් එක් තරගය බැගින් ක්‍රීඩා කිරීමට නියමිතය. ඉන් අනතුරුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක අතර අවසන් මහා තරගය පැවැත්වේ.
තරග කාලසටහන
අගෝස්තු 9 - ග්‍රේ සහ රෙඩ් කණ්ඩායම් අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
බ්ලූ සහ ග්‍රීන් කණ්ඩායම් අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
අගෝස්තු 11 - ග්‍රීන් සහ රෙඩ් කණ්ඩායම් අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
ග්‍රේ සහ බ්ලූ කණ්ඩායම් අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
අගෝස්තු 14 - ග්‍රේ සහ ග්‍රීන් කණ්ඩායම් අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
බ්ලූ සහ රෙඩ් කණ්ඩායම් අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
අගෝස්තු 16 - අවසන් මහා තරගය, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
තරගාවලියට එක්වන සංචිත
රෙඩ් කණ්ඩායම
කුසල් මෙන්ඩිස් (නායක), ලසිත් කෘස්පුල්ලේ, භානුක රාජපක්ෂ, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, සහන් ආරච්චිගේ, දුනිත් වෙල්ලාලගේ, ළහිරු මදුශංක, මතීෂ පතිරණ, මහේෂ් තීක්‍ෂණ, දුෂ්මන්ත චමීර, පබසර වඩුගේ, කළණ පෙරේරා, කෙවින් කොත්තිගොඩ, සිතාර ගිම්හාන.
බ්ලූ කණ්ඩායම්
චරිත් අසලංක (නායක), ධණුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, අෂේන් බණ්ඩාර, චාමික කරුණාරත්න, සුමින්ද ලක්ෂාන්, ප්‍රමෝද් මදුශාන්, ළහිරු කුමාර, ප්‍රවීන් ජයවික්‍රම, කසුන් රාජිත, ළහිරු උදාර, ළහිරු සමරකෝන්, අෂේන් ඩැනියල්, නිපුන් රංසික.
ග්‍රීන් කණ්ඩායම
දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, නිරෝෂන් දික්වැල්ල, නුවනිඳු ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, ධනංජය ලක්ෂාන්, රමේෂ් මෙන්ඩිස්, බිනුර ප්‍රනාන්දු, නුවන් තුෂාර, ජෙෆ්රි වැන්ඩසේ, ලක්ෂාන් සඳකැන්, සමන්ද ප්‍රනාන්ද, දිල්ෂාන් මදුශංක, නිමේෂ් විමුක්ති, සචිඳු කොළඹගේ.
ග්‍රේ කණ්ඩායම
අෂාන් ප්‍රියංජන් (නායක), අෂාන් රන්දික, සංගීත් කුරේ, තනුක දාබරේ, මිනෝද් භානුක, මොවින් සුබසිංහ, මුදිත ලක්ෂාන්, අකිල ධනංජය, දුවිඳු තිලකරත්න, මිලාන් රත්නායක, ලක්ෂාන් ගමගේ, නිම්සර අතරගල්ල, පුලින තරංග, තරිඳු රත්නායක, කසුන් විදුර අධිකාරී.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.