Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විශ්ව ඉවත්වීමෙන් කසුන් කණ්ඩායමට
චිතගොන් ටෙස්ට් තරගය

විශ්ව ඉවත්වීමෙන් කසුන් කණ්ඩායමට

editorial - 2022 මැයි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)
චිතගොන් ටෙස්ට් තරගයේ පිතිහරඹයේ යෙදෙමින් සිටියදී පන්දුවක් හිසේ වැදීමෙන් කම්පනයට පත් විශ්ව ප්‍රනාන්දු, වෛද්‍ය උපදෙස් මත මෙම ටෙස්ට් තරගයෙන් ඉවත් වී තිබේ. ඔහු වෙනුවට කසුන් රාජිත ‘කම්පන ආදේශකයා’ වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු කරනු ලැබ සිටී. 

“තරගයේ තුන්වැනි දිනය වන අද (17 වැනිදා) උදෑසන පන්දු යැවීමෙන් පසුව විශ්වට කිසියම් ක්ලාන්ත ගතියක් දැනී තිබේ. එබැවින් වෛද්‍ය උපදෙස් මත ඔහු තරගයෙන් ඉවත්වී තිබෙන අතර කසුන් රාජිත ‘කම්පන ආදේශකයා’ වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එකතු කරනු ලැබ සිටී” 

“විශ්ව ප්‍රනාන්දු එම්.ආර්.අයි. ස්කෑන් වාර්තාවක් ලබාගැනීම සඳහා රෝහලට යවා තිබේ” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිකුත් කරන ලද නිවේදනයකින් කියැවේ. 

විශ්ව අද පෙරවරුවේදී ඕවර 4 ක් යැවීමෙන් පසුව ඇති වූ ක්ලාන්ත ගතියක් හේතුවෙන් ආපසු ක්‍රීඩාගාරයට ගියේය. 

තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (16 වැනිදා) පන්දුවට පහර දෙමින් සිටියදී ෂොරිෆුල් ඉස්ලාම්ගේ පන්දුවක් හිස් ආවරණයේ වැදීමෙන් විශ්ව අපහසුතාවට පත්විය. විශ්ව දිගින් දිගටම පන්දුවට පහර දුන් නමුත් තේ පානය සඳහා ක්‍රීඩාගාරයට ගිය ඔහු, තේ පානයෙන් පසුව ක්‍රීඩාගාරයට වී විවේක ගත්තේය. ඔහු නැවතත් පන්දුවට පහර දීමට පැමිණියේ අවසන් පිතිකරුවා වූ අසිත ප්‍රනාන්දු දැවීයාමෙන් පසුවය. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පළමු ඉනිමේදී නොදැවී ලකුණු 17 ක් ලබාගත් විශ්ව ප්‍රනාන්දු, 9 වැනි සහ 10 වැනි කඩුලු සඳහා සාර්ථක සම්බන්ධතා දෙකකටම දායක වූයේය. ඊයේ තරගය ආරම්භ වීමෙන් පසුව ඕවර 4 ක් යැවූ විශ්ව අද පෙරවරුවේදීත් පන්දු යැවීම ආරම්භ කළේය. අද පෙරවරුවේදී ඔහු යැවූයේ ඕවර 4 ක් පමණි. 

දිවා ආහාරයෙන් පසුව විශ්ව ප්‍රනාන්දු තරගයෙන් ඉවත් විය. 

විශ්වගේ ඉවත්වීමෙන් පසුව ඔහු වැනිම ක්‍රීඩකයකුට ‘කම්පන ආදේශකයා’ වශයෙන් තරගයට එක්වීමේ අවස්ථාව ලැබේ. ඒ අනුව පසුපෙළ පිතිකරුවකු මෙන්ම වේග පන්දු යවන්නකු වන කසුන් රාජිත මෙම තරගයට එක්වී සිටී. කසුන් ටෙස්ට් තරග 9 කට සහභාගි වූ ක්‍රීඩකයෙකි. 

 


අදහස් (0)

විශ්ව ඉවත්වීමෙන් කසුන් කණ්ඩායමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.