
(දමින්ද විජේසූරිය)
ෂෝන් විලියම්ස් (20) සහ සිකන්දර් රාසා (40) එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 48 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ඉනිම පිළිසකර කළ නමුත්, නෙදර්ලන්තයට එහෙිව ඇඩිලේඩ් නුවරදී අද (2 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 117 කට දැවී ගියේය.
සිම්බාබ්වේ පිතිකරුවන් 11 දෙනා අතුරින් ඉලක්කම් 2 කින් යුතු ලකුණු සංඛ්‍යාවකට යා හැකිවූයේ විලියම්ස් සහ රාසා දෙදෙනාට පමණි.
කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ නායක ක්‍රෙග් අර්වින් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ නමුත් ප්‍රහාරාත්මක ඕවර 6 නිමාවේදී ලකුණු 20 ක් ඇතුළත පිතිකරුවෝ තිදෙනකුම දැවී ගොස් තිබිණ. එහෙත් ඉතිරි ඕවර 6 දී, සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 48 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ෂෝන් විලියම්ස් සහ සිකන්දර් රාසා සිම්බාබ්වේ බලාපොරොත්තු අලුත් කළහ.
විලියම්ස් දැවී යාමෙන් පසුව රාසා පිටියේ තනිවිය. එහෙත් රාසාට ඕනෑ හැටියට ඉනිම හසුරුවාගන්නට අවසර නොදුන් නෙදර්ලන්ත පන්දු යවන්නෝ ලකුණු 40 ක් ඇතුළත අවසන් කඩුලු හයම දවාගත්හ.
සිම්බාබ්වේ - ඕවර 19.2 කදී සියලු දෙනා දැවී 117 යි
(ෂෝන් විලියම්ස් 28, සිකන්දර් රාසා 40, පෝල් වැන’මර්කරීන් 29/3, බ්‍රෙන්ඩන් ග්ලෝවර් 29/2, ලෝගන් වැන්බීක් 17/2, බස් ඩි’ලීඩි 14/2)



ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.