Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විලියම්සන් - මිචෙල් - සවුති නවසීලන්තය දිනවති

විලියම්සන් - මිචෙල් - සවුති නවසීලන්තය දිනවති

editorial - 2024 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ඕක්ලන්ඞ් නුවර ඊඞ්න් උද්‍යාන ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 46 ක පහසු ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් විය. මෙම ජයත් සමග තරග 5 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද නවසීලන්තයට හැකි විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 227 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තානයට ඕවර 18 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 180 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ටිම් සවුති ලකුණු 25 කට කඩුලු 4 ක් බිඳහෙළමින් පාකිස්තානයේ ජයග්‍රාහී මාවත අවහිර කළේය. බෙන් සේර්ස් සහ ඇඩම් මිල්න් කඩුලු 2 බැගින් දවාගනිමින් සවුතිට අනගි සහායක් දුන්හ. 

පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ බාබර් අසාම් පන්දු 35 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 57 ක් රැස්කළ අතර ආරම්භක පිතිකරු පන්දු 8 කින් ලකුණු 27 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. මොහොමඞ් රිස්වාන් පන්දු 14 කදි හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 25 ක් රැස්කළේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 226 ක් රැස්කළ අතර එහිදී නායක කේන් විලියම් (57) සහ ඩැරිල් මිචෙල් (61) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ. පන්දු 42 කදී වාර්තා වූ විලියම්සන්ගේ ඉනිමට හතරේ පහර 9 ක්ද, පන්දු 27 කදී වාර්තා මිචෙල්ගේ ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය. 


නවසීලන්තය - ඕවර 20 කදී කඩුලු 8 කට 226 
(ෆින් ඇලන් 34, කේන් විලියමසන් 57, ඩැරිල් මිචෙල් 61, ග්ලේන් පිලිප්ස් 19, මාක් චැප්මන් 26, අබ්බාස් අෆ්රිඩි 34/3, ශහීන් අෆ්රිඩි 46/33, හාරිස් රවුෆ් 34/2) 

පාකිස්තානය - ඕවර 18 කදී සියලු දෙනා දැවී 180 
(සයිම් අයුබ් 27, මොහොමඞ් රිස්වාන් 25, බාබර් අසාම් 57, ඉෆ්තිකර් අහමඞ් 24, ටිම් සවුති 25/4, බෙන් සේර්ස් 42/2, ඇඩම් මිල්න් 50/2) 

-036 


අදහස් (0)

විලියම්සන් - මිචෙල් - සවුති නවසීලන්තය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.