Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විරේන් - රනිත්මා ශූරතා රැකගනිති
73 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය

විරේන් - රනිත්මා ශූරතා රැකගනිති

editorial - 2025 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සංවිධානය කළ 73 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේදී විවෘත පිරිමි කේවල සහ කාන්තා කේවල ශූරතා දිනාගනිමින් පිට පිටම දෙවැනි වරටත් ජාතික බැඩ්මින්ටන් ශූරයා සහ ශූරිය බවට පත්වීමට විරේන් නෙත්තසිංහ සහ රනිත්මා ලියනගේ සමත් වූහ. 

ගල්කිස්ස සාන්ත තෝමස් ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙවර තරගාවලියේ විවෘත කේවල පිරිමි අවසන් තරගයේදී වට 2-0 ක් (21/10 සහ 21/14) ලෙස රසිඳු හෙන්දහේවා පරාජය කිරීමට විරේන් සමත් වූ අතර විවෘත කාන්තා කේවල අවසන් තරගයේදී වට 2-0 ක් (21/12 සහ 21/18) ලෙස රෂ්මි මුදලිගේ පරාජය කිරීමට රනිත්මා ලියනගේ සමත් වූවාය. 

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1525 ක් තරග වැදුණු මෙම තරගාවලියේදී සනුද ආරියසිංහ සහ තිසත් රූපතුංග විසින් විවෘත පිරිමි යුගල ශූරතාව දිනා ගනු ලැබුවේ වට 2-1 ක් (21/15, 18/21 සහ 21/15) ලෙස ඔෂාමික කරුණාරත්න සහ තුලිත් පල්ලියගුර පරාජයට පත් කරමිනි. 

වට 2-0 ක් (21/13 සහ 21/18) ලෙස දිලිනි අම්බලන්ගොඩගේ සහ රනුමි මානගේ පරාජයට පත් කළ වරංගනා ජයවර්ධන සහ රෂ්මි මුදලිගේ විවෘත කාන්තා යුගල ශූරතාව දිනා ගැනීමට සමත් වූහ. විවෘත මිශ්‍ර යුගල ශූරතාව දිනා ගනු ලැබුවේ වට 2-1 ක් (12/21, 21/18 සහ 21/15) ලෙස ආශිංස හේරත් සහ රෂ්මි මුදලිගේ පරාජය කළ තුලිත් පල්ලියගුරු සහ පංචාලි අධිකාරි විසිනි. 

මෙවර තරගාවලියේ වයස අවුරුදු 19 න් පහළ බාලක කේවල ශුරතාව දිනාගැනීමට කෙනත් අරුග්ගොඩ සමත් වූයේ වට 2-0 ක් (21/19 සහ 21/15) ලෙස හිරුක සහනමිත් පරාජය කරමිනි. වට 2-0 ක් (21/07 සහ 21/09) ලෙස සෙනුදි අමරසිංහ පරාජය කළ නෙත්මි රත්නායක එම වයස් කාණ්ඩයේ බාලිකා කේවල ශූරතාව දිනාගත්තාය. 

මැක්ලන්ස් හෝල්ඩිංග්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැති අතර මැක්ෆොයිල්, මොබිල්, ලී නිං සහ ජී.ඒ.සී. යන සමාගම් සහ ආයතන මෙවර ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ අනුග්‍රාහකයන් ලෙස කටයුතු කළේය. 


අදහස් (0)

විරේන් - රනිත්මා ශූරතා රැකගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.