Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වාර්තා පොත අලුත් කරමින් රුමේෂ් තරංග ලෝක තරගාවලියට

වාර්තා පොත අලුත් කරමින් රුමේෂ් තරංග ලෝක තරගාවලියට

editorial - 2025 අගෝ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර  රුමේෂ්  තරංග ඊයේ (10) ඉන්දියාවේ පැවති පළමු ඉන්දියානු විවෘත ලෝකඩ ශ්‍රේණිගත  තරගාවලියේදී මීටර 86.50 ක දක්ෂතාවක් දක්වමින් එහි රන් පදක්කම දිනා ගත්තේය. එහිදී එළඹෙන ටෝකියෝ ලෝක මලල ක්‍රීඩා තරගාවලියට හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වෙන් ඔහු කෙළින්ම නිර්දේශ ලබා ගැනීමට එහිදී  සමත්වූයේ එහි නව ශ්‍රී ලංකා වාර්තාවේ අලුත්ම හිමිකරුවා බවටද පත් වෙමිනි.එය මෙතෙක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු තරගයකදී හෙල්ල විසි කළ වැඩිම දුරයි.

    ලොව රටවල් කිහිපයක ආරාධිත මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් එම එක් දින මලල ක්‍රීඩා  තරගාවලිය ඉන්දියාවේ බුහූබනේස්වර් නුවරදී ඊයේ  පැවැත්විණි.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයෝ හත් දෙනෙක් හා ක්‍රීඩිකාවෝ දෙදෙනකු සහභාගි වූහ.

ඊයේ රුමේෂ්  තරංග නිර්දේශ ලබා ගැනීමත් සමග එළඹෙන ටෝකියෝ ලෝක තරගාවලියට හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වෙන්ම ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් දෙදෙනකු කෙළින්ම සුදුසුකම් තහවුරු කිරීමෙන් නිර්දේශ ලබා සිටීම කැපී පෙනේ.

  මීට පෙර ටෝකියෝ ලෝක තරගාවලියට කෙළින්ම නිර්දේශ ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක සුමේධ රණසිංහ ඊයේ බුහුබනේෂ්වර් නුවරදී මීටර 80.65 කට ලෝකඩ පදක්කම හිමි කර ගත්තේය.

මේ අතර ශ්‍රී ලංකා මීටර 4x400  (පිරිමි ) ශ්‍රී ලංකා කණ්ඩායම විනාඩි 3 තත්පර 08.22 කට රන් පදක්කම දිනා ගනිමින් බුහුබනේෂ්වර්  තරගාවලියේ ඉහළම අවධානයක් දිනා ගත්තේය.ඔමෙල් ද සිල්වා, සදෙව් රාජකරුණා, ඉමේෂ් දිස්මිත හා කල්හාර ඉන්දූප සිල්වා ජයග්‍රාහී ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායමේ ධාවකයෝ වූහ.

ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර චමෝද් යෝධසිංහ ඊයේ ඉන්දියාවේදී තරග වදිමින් මීටර් 100 (පිරිමි) ඉසව්ව තප්පර 10.43 කින් නිමා කර එහි රිදී පදක්කම හිමි කර ගත්තේය. ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩිකා නදීෂා දිල්හානි ලේකම්ගේ ඊයේ පළ කළේ මීටර 54.96 ක දක්ෂතාවයකි. එහිදී ඇය දිනා ගත්තේද රිදී පදක්කමයි.


අදහස් (0)

වාර්තා පොත අලුත් කරමින් රුමේෂ් තරංග ලෝක තරගාවලියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.