Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වසරේ විස්සයි20 කණ්ඩායමේ වනිඳුටත් තැනක්
විස්සයි20 ක්‍රිකට්

වසරේ විස්සයි20 කණ්ඩායමේ වනිඳුටත් තැනක්

editorial - 2022 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයි.සී.සී. වසරේ විස්සයි20 ක්‍රිකට් කණ්ඩායම (2020) ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් අද (19 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමේදී හොඳම ක්‍රීඩකයන් 11 දෙනා අතරට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගද ඇතුළත් වේ.

වසරේ විස්සයි20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය පාකිස්තානු ක්‍රීඩක බාබර් අසාම්ට හිමිව තිබේ. ඔහු හැරෙන්නට තවත් පාකිස්තාන ක්‍රීඩකයන් දෙදෙනකු ඊට ඇතුළත් වේ.

දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් තිදෙනෙක්ද, ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් දෙදෙනෙක්ද, එංගලන්තය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය නියෝජනය කරමින් කරමින් ක්‍රීඩකයකු බැගින්ද වසරේ විස්සයි20 ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

කෙසේ වුවත් බටහිර ඉන්දීය කොදෙව්, නවසීලන්ත සහ ඉන්දීය කණ්ඩායම් නියෝජනය කරමින් ඊට කිසිදු ක්‍රීඩකයකු ඇතුළත් නොවේ.

පිත්තෙන් ද දස්කම් දැක්විය හැකි ක්‍රීඩකයෙකු ලෙසද, විස්සයි20 ආකෘතියෙන් දක්ෂතම දඟපන්දු යවන්නෙකු ලෙසින් ද සිය ස්ථානය තහවුරු කරගත් වනිඳු හසරංගට පසුගිය වසර පෙරළිකාර වසරක් විය. වසර පුරා දිගින් දිගටම දස්කම් දැක්වූ හසරංග, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ පැවති විස්සයි20 තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට ද පත්විය.

සමස්තයක් ලෙස ඔහු තරග 20 කදී කඩුලු 36 ක් දවාගත් අතර කඩුලු ලබාගැනීමේ සාමාන්‍යය 11.63 කි. ලකුණු 196 ක් ද ලබා ගැනීමට ද ඔහු සමත්විය.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය අතරතුර පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හී පෙරමුණ ගැනීමටද හසරංග සමත්විය.


අයි.සී.සී. වසරේ විස්සයි20 ක්‍රිකට් කණ්ඩායම
ජොස් බට්ලර්, මොහොමඩ් රිස්වාන් (කඩුලු රකින්නා), බාබර් අසාම් (නායක), ඒඩ්න් මාක්‍රම්, මිචෙල් මාෂ්, ඩේවිඩ් මිලර්, තබ්‍රේස් ශම්සි, ජොස හේසල්වුඩ්, වනිඳු හසරංග, මුස්ටෆිසූර් රහ්මන්, ශහීන් අෆ්රිඩි.

-2079

 


අදහස් (0)

වසරේ විස්සයි20 කණ්ඩායමේ වනිඳුටත් තැනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.