Last Update  :  2024-04-29 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වසර 5 කට පසුව නරියාකන්ද සුපර් ක්‍රොස් යළිත්

වසර 5 කට පසුව නරියාකන්ද සුපර් ක්‍රොස් යළිත්

editorial - 2024 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

දියතලාව, නරියාකන්ද ධාවන පථයේදී පැවැත්වෙන දිවයිනේ පැරණිම සුපර් ක්‍රොස් තරගාවලිය වන නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලිය වසර 5 කට පසුව යළිත් වරක් කරළියට ගෙන ඒමට දියතලාව, යුද හමුදා විද්‍යා පීඨය සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා පාලනාධිකාරිය කටයුතු සූදානම් කර තිබේ.

1993 වසරේ සිට වසර 27 ක් පුරා නොකඩවා පැවැති මෙම තරගාවලිය රට තුළ පැවැති කොරෝනා වසංගත තත්වය සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් පසුගිය වසර හතරේදීම (2020, 2021, 2022 සහ 2023) දින නියමයකින් තොරව කල් දැමුණ අතර පසුව අවලංගු කර දැමිණ. 

අවසන් වරට (2019) පැවැති නරියාකන්ද සුපර් ක්‍රොස් තරගාවලියද පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය හේතුවෙන් අතරමග නතර කිරීමට සිදු වූ අතර තරගාවලිය නතර කරන විට ඊට ඇතුළත්ව තිබූ තරග ඉසව් 24 න් නිමාවට පත්වී තිබුණේ ඉසව් 17 ක් පමණි. 

එම තරගාවලියද ඇතුළුව ඉන් පෙර වසර කිහිපයේදීම මෝටර් රථ ක්‍රීඩා පාලනාධිකාරියට අයත් අනු සංගම් සහ ක්‍රීඩා සමාජ සියල්ල එක්ව මෙම තරගාවලියේ සංවිධාන කටයුතු මෙහෙයවූ අතර එය සංවිධානය කරනු ලැබුවේ දියතලාව, යුද හමුදා විද්‍යා පීඨය විසිනි. 

මෙවර තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා පාලනාධිකාරියේ සභාපති අෂ්හර් හමීම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු කියා සිටියේ තරගාවලිය සංවිධානය කිරීමට අවශ්‍ය මූලික පියවර මේ වන විට ගෙන අවසන් බවත්, මෙම වසරේදී මෝටර් රථ ක්‍රීඩා ලෝලීන්ට වෙසන්ම ආකාරයක අත්දැකීමක් ලබාදෙමින් ඉතා උත්කර්ෂවත් ලෙස තරගාවලියේ සංවිධාන කටයුතු මෙහෙයවීමට තමා ඇතුළු පිරිස සූදානමින් සිටින බවත්ය. 


අදහස් (0)

වසර 5 කට පසුව නරියාකන්ද සුපර් ක්‍රොස් යළිත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.