Last Update  :  2024-05-12 21:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විල් ජැක්ගේ ශතකය බෙංගලූරු පිල දිනවයි
අයි.පී.එල්. - 2024

විල් ජැක්ගේ ශතකය බෙංගලූරු පිල දිනවයි

editorial - 2024 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 45 වැනි තරගය ලෙස ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ රෝයල් චැලේන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම අතර අහමදාබාද් නුවර නරේද්‍ර මෝදි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ (28 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට බෙංගලූරු කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේදී බෙංගලූරු කණ්ඩායම ලැබූ තෙවැනි ජය මෙය වුවත් මේ වන විටත් ඔවුන් තරගාවලියේ අවසන් වටයෙන් ඉවතට විසිවී තිබේ.

ජයග්‍රහණය සඳහා ලකුණු 201 ක ඉලක්කයක් හඹාගිය බෙංගලූරු ක්‍රීඩකයෝ ඕවර 16 අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ. එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ විල් ජැක් හයේ පහර 10 ක් සහ හතරේ පහර 5 ක් සමග පන්දු 41 කින් නොදැවී ලකුණු 100 ක් රැස්කරමින් බෙංගලූරු කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. 

නායක ෆෆ් ඩුප්ලෙසීගේ (24) දැවී යෑමෙන් අනතුරුව විරාට් කෝලි (නොදැවී 70) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 74 කදී ලකුණු 166 ක වේගවත් නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගීමටද ජැක් සමත් විය. එහිදී පන්දු 44 කට මුහුණදුන් කෝලිගේ හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින් සිය අර්ධ ශතකය සැරසුවේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ක්‍රීඩකයෝ ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 200 ක් ලබාගත් අතර එහිදී සායි සුදර්ෂන් (නොදැවී 84) සහ ශාරුක් ඛාන් (58) අර්ධ ශතක ලබාගත්හ. පන්දු 49 කදී වාර්තා වූ සුදර්ෂන්ගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක්ද, පන්දු 30 කදී වාර්තා වූ ශාරුක්ගේ ඉනිම හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක්ද ඇතුළත් විය. 


ගුජරාට් ටයිටන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 200  
(ශුබ්මන් ගිල් 16, සායි සුදර්ෂන් නොදැවී 84, ශාරුක් ඛාන් 58, ඬේවිඞ් මිලර් නොදැවී 26)

රෝයල් චැලේන්ජර්ස් බෙංගලූරු පිල - ඕවර 16 කදී කඩුල්ලක් දැවී 206 
(විරාට් කෝලි නොදැවී 70, ෆෆ් ඩුප්ලෙසි 24, විල් ජැක් නොදැවී 100)

-036


අදහස් (0)

විල් ජැක්ගේ ශතකය බෙංගලූරු පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.