Last Update  :  2025-10-22 11:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වර්ෂාවෙන් ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ යයි

වර්ෂාවෙන් ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ යයි

Nisanka Sandeepani - 2018 නොවැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ශාන්ත ලුසියාහිදී ඊයේ (10 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ කාන්තා ලෝක කුසලාන (විස්සයි-20) ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය. එම නිසා කණ්ඩායම දෙකටම ප්‍රසාද ලකුණ බැගින් හිමිවිය.

දෙපිලම අවම වශයෙන් ඕවර 5 ක් හෝ ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් පසු වුවද වරින්වර වර්ෂාව පතිතවීම හේතුවෙන් තරගය අතහැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.

මෙම තරගය වර්ෂාවට සේදීයාමෙන් කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු බැගින් හිමිවූ අතර එමගින් ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අවසන් පූර්ව වටයට යෑමේ බලාපොරොත්තු තවත් ඉහළ නංවා ගැනීමට හැකිවිය.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දකුණු අප්‍රිකානු කාන්තා පිලට එරෙහිව 13 වැනිදාත්, බංග්ලාදේශ කාන්තා පිලට එරෙහිව 15 වැනිදාත්, බටහිර ඉන්දිය කොදෙව් කාන්තා පිලට එරෙහිව තරගය 17 වැනිදාත් ශාන්ත ලුසියාහී ඩැරන් සැමී ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතය.

 ඡායාරූප - අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ අනුග්‍රයෙනි.

 


අදහස් (0)

වර්ෂාවෙන් ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.