Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වර්නි-ග්‍රිස්මාන් ප්‍රංශය අවසන් පූර්ව වටයට ගෙනයති

වර්නි-ග්‍රිස්මාන් ප්‍රංශය අවසන් පූර්ව වටයට ගෙනයති

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රෆායෙල් වර්නි සහ ඇන්තනි ග්‍රිස්මාන්ගේ සුපිරි දස්කම් හමුවේ උරුගුවේට එරෙහිව පැවැති පළමු අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් අද (7) ගෝල 2-0ක විශිෂ්ට ජයක් ලැබූ ප්‍රංශය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. මෙම තරගය රුසියාවේ නිශ්නි නොව්ගොරෝඞ් ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විය.

උරුගුවේ ක්‍රිඩක රොඩි්‍රගෝ බෙන්ටැන්කර් විසින් ප්‍රංශ ක්‍රීඩක කොරෙන්තියන් ටොලීසෝට හිරිහැර වන අයුරින් ක්‍රීඩා කිරීමෙන් ප්‍රංශයට නිදහස් පහරක් පිරිනැමීමට තරග විනිසුරුවරයා තීරණය කළේය. ප්‍රංශ ක්‍රීඩක ඇන්තනි ග්‍රිස්මාන් එම නිදහස් පහර ඔස්සේ සිය පන්දුව ගෝල සීමාව ආසන්නයටම යොමු කිරීමත් සමගම හිසතුළින් දැල වෙතට පන්දුව යොමුකළ රෆායෙල් වර්නි 40 වැනි මිනිත්තුවේදී පළමු ගෝලය වාර්තා කරමින් අවසන් පූර්ව වටය කෙරෙහි  ප්‍රංශයේ බලාපොරොත්තු  ඉහළින්ම තැබීය.

තරගයේ පළමු භාගය නිමාවීමට මිනිත්තු 2ක් පමණක් තිබියදී, උරුගුවේ කණ්ඩායමට නිදහස් පහරක් හිමිවුවද, මාටින් කැසිරස් සිය හිසෙන් දැල වෙත යොමුකළ පන්දුව ප්‍රංශ දැල රකින්නා විසින් ආරක්ෂිතව නවතා ගැනීම නිසා පළමු භාගය අවසානයේ ප්‍රංශ කණ්ඩායමට හිතේ දෙගඩියාවකින් තොරව විවේකය ගත කිරිමට හැකිවිය.

දෙවන භාගයේ නැවතත් ක්‍රියාත්මක වූ ප්‍රංශ ක්‍රීඩක ඇන්තනි ග්‍රිස්මාන් 61 වැනි මිනිත්තුවේදී තවත් ගෝලයක් වාර්තා කරමින් තරගය ප්‍රංශය වෙත නතුකර ගත්තේ සුපිරි ක්‍රීඩක සුවාරිස් ප්‍රමුඛ උරුගුවේ කණ්ඩායමට තවත් හිතන්නට කිසිදු ඉඩක් නොතබමිණි.  ඒ අනුව ප්‍රංශය මෙවර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ වසර 12 කට පසුව වීම විශේෂත්වයකි.

සුවාරිස් ප්‍රමුඛ උරුගුවේට කණ්ඩායම ප්‍රංශ කණ්ඩායම මෙල්ල කිරීමට උත්සාහ කළද එය පහසු කාරණයක් නොවීය. උරුගුවේ කණ්ඩායමේ ප්‍රහාරාත්මකයෙකු වන ඇඩින්සන් කවානි ආබාධයට ලක්වීමත් සමග අද තරගයට සහභාගි නොවීය. මේ හේතුවෙන් අමාරුවෙන් හෝ සුවාරිස්ට උරුගුවේ බර සියල්ල දැරීමට සිදුවුවත් එයින් ප්‍රයෝජනයක් ලබා ගැනීමට හැකියාවක් නොලැබුණි. සුවාරිස්ගේද මෙම තරගය අවසන් ලෝක කුසලාන තරගය වීමට බොහෝ සෙයින් ඉඩ තිබේ.

තරගයෙන් අනතුරුව කාගෙත් අවධානය යොමු වූයේ ඇන්තනී ග්‍රිස්මාන්ගේ සංවේදී වදන් කිහිපයටය.
’‘ මම වෘත්තීමය ක්‍රීඩකයෙකු  විදියට මගේ ගමන අරඹන විට මට ඒ ලබාගත් ගෝලය සමරන්න අවශ්‍ය වුනේ නැහැ. උරුගුවේ ජාතිකයන්ගෙන් මට ලොකු සහයක් ලැබුණා. විශේෂයෙන් පාපන්දු ක්‍රීඩාවේදී හොඳ මොනවද?  නරක මොනවද? කියලා මට ඔවුන් ඉගැන්වුවා. රටක් විදියට මම උරුගුවේට ගොඩාක්  ගරු කරනවා. මම අද සෙලලම් කළේ මගේම හිතවත් ඇට්ලෙටිකෝ ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් එක්ක. ඒ නිසා මම ලබාගත් ගෝලය සමරන්න මට අවශ්‍ය වුනේ නැහැ. මට ඒ අවස්ථාව දැනුනේ සාමාන්‍ය විදියට යැයි තරගයෙන් අනතුරුව ග්‍රිස්මාන් මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියේය.

ප්‍රංශයේ මෙම ජයග්‍රහණයත් සමගින් අවසන් පූර්ව වටයට වැඩිම වාර ගණනක් සුදුසුකම් ලබාගත් සිව්වන රට බවට පත්විය. මීට පෙර 1958, 1982,1986, 1998 සහ 2006 යන වර්ෂයන්හිදී අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කර ගත්තේය. 1998 පළමු වරට ශූරතාවය දිනාගත් ප්‍රංශයට 2006 වසරේ පැවති ලෝක කුසලාන තරගාවලියේදී අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදුවිය.

කෙසේ වුවත් අද මධ්‍යම රාත්‍රියේ පැවැත්වෙන බ්‍රසීලය සහ බෙල්ජියම අතර තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමගින් ප්‍රංශය ලබන 10 වැනිදා ශාන්ත පීටර්ස්බර්ග් ක්‍රීඩාංගණයේදී තවත් සටනකට මුල පිරීමට නියමිතය.

 

 

- 024


අදහස් (0)

වර්නි-ග්‍රිස්මාන් ප්‍රංශය අවසන් පූර්ව වටයට ගෙනයති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.