Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ඕස්ට්‍රේලියාවට එරෙහිව අද (15 වැනිදා) කැන්බරාහි මනුකා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයට පෙර සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇත.
ඒ බව වැඩුදුරටත් තහවුරු කරගැනීම සඳහා ඔහු පී.සී.ආර්. පරීක්ෂණයකටද යොමුකර ඇති අතර එහි ප්‍රතිඵල තවමත් ලැබී නොමැත. මේ වන විට ඔහු කණ්ඩායමෙන් ඉවත්ව වෛද්‍ය ප්‍රතිකාර යටතේ නිරෝධායනය වෙමින් සිටියි.
පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵලය ඍණාත්මක වුවහොත් වනිඳුට අද තරගයට කෙසේ වෙතත් මෙල්බර්න්හිදී පැවැත්වෙන සෙසු තරග දෙකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වේ. එහෙත් එහි ප්‍රතිඵලයද ධනාත්මක වුවහොත් වනිඳුට අද සිට දින 7 ක් නිරෝධායනය වීමට සිදුවන බැවින් තරගාවලියේ සෙසු තරගවලට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවනු ඇත.
සිඩ්නිහිදී පැවැති පළමු තරගයේදී ලකුණු 38 කට කඩුලු 3 ක්ද, දෙවැනි තරගයේදී ලකුණු 33 කඩුලු 2 ක්ද දවාගත් වනිඳු, මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගෙන සිටින ක්‍රීඩකයාද වේ. වනිඳුගේ හිදැස පිරවීම සඳහා අද තරගයේදී පා දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ කණ්ඩායමට එක්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.