Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
මෙවර (2022) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කිරීම සඳහා තෝරාගෙන ඇති අවසන් ලැයිස්තුවට ඇතුළත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 23 දෙනා අතරින් ඉහළම මූලික ලංසුව තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට හිමිව තිබේ. එහිදී ඔහු වෙනුවෙන් නියම කර ඇති මූලික ලංසුව ඉන්දීය රුපියල් කෝටියක් වන අතර එය දල වශයෙන් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 2,69,72,000 ක් (දෙකෝටි හැටනම ලක්ෂ හැත්තෑ දෙදෙහසක්) පමණ වේ.
මේ වන විට අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ ක්‍රීඩක ශ්‍රේණිගතකිරීම්හි විස්සයි-20 පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවන වනිඳු, විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර සිව්වැනි ස්ථානයද හිමිකර ගෙන සිටියි. ඉකුත් වසරේ (2021) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සහ අබුඩාබි දහයයි-10 තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වූයේද වනිඳුය.
ඉකුත් වසරේ පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කිරීමට වනිඳුට අවස්ථාව උදා වුවද, එහිදී තරග 2 කට පමණක් ක්‍රීඩා කළ ඔහු කඩුලු දවාගැනීමට අපොහොසත් විය. තවමත් 24 වැනි වියේ පසුවන වනිඳු හසරංග විස්සයි-20 ජාත්‍යන්තර තරග 33 කදී අර්ධ ශතකයක් සමග ලකුණු 319 ක් රැස්කරමින්, කඩුලු 52 ක් දවාගෙන ඇත.
වනිඳු හැරුණු කොට වෙන්දේසියට ඇතුළත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් මින් පෙර අයි.පී.එල්. තරාවලියකට සහභාගි වී ඇත්තේ තිසර පෙරේරා (තරග 37), ඉසුරු උදාන (තරග 10), කුසල් පෙරේරා (තරග 2), අකිල ධනංජය (තරග 1) සහ දුෂ්මන්ත චමීර (තරග 0) පමණි.
එහිදී තිසර චෙන්නායි, කොල්කටා, මුම්බායි, පන්ජාබ් සහ පූනේ යන කණ්ඩායම් 5 ම නියෝජනය කර ඇති අතර උදාන සහ චමීර දෙදෙනා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලද, කුසල් පෙරේරා රාජස්ථාන් පිලද, අකිල ධනංජය මුම්බායි පිලද නියෝජනය කර ඇත.
සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 17 දෙනාම මින් පෙර කිසිදු අයි.පී.එල්. කණ්ඩායමක් නියෝජනය කර නොමැති අතර මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී ඔවුන්ගෙන් ජාත්‍යන්තර වරම් දිනා ඇති ක්‍රීඩකයන් 13 දෙනකු සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ 50 බැගින් වූ මූලික ලංසුද, ජාත්‍යන්තර වරම් දිනා නොමැති ක්‍රීඩකයන් සිවුදෙනකු සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ 20 බැගින් වූ මුලික ලංසුද නියම කර තිබේ. ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ නායක දසුන් ශානක සහ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේද ශ්‍රී ලංකාවෙන් අයි.පී,එල්. තරගාවලියට ඉදිපත්ව සිටින ක්‍රීඩකයන් 23 දෙනා අතර සිටිති.
මහීෂ් තීක්ෂණ, චරිත් අසලංක, නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, අවිෂ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, චාමික කරුණාරත්න, දසුන් ශානක, ළහිරු කුමාර, ධනුෂ්ක ගුණතිලක, ධනංජය ලක්ෂාන් සහ සීක්කුගේ ප්‍රසන්න යන ක්‍රීඩකයන් සඳහා මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 50 (ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 135 ක්) බැගින් වූ මූලික ලන්සු නියම කර තිබේ.
ඉන්දීය රුපියල් ලක්ෂ 20 ක් (ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ 54) බැගින් වූ මූලික ලන්සු නියම කර ඇත්තේ මතීෂ පතිරණ, කෙවින් කොත්තිගොඩ, නුවන් තුෂාර, දුනිත් වෙල්ලාලගේ යන ක්‍රීඩකයන් වෙනුවෙනි.
මෙවර ක්‍රීඩක වෙන්දේසිය පෙබරවාරි මස 12 සහ 13 යන දිනවලදී බැංගලෝර්හිදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ලියාපදිංචි වී සිටි ක්‍රීඩකයන් සංඛ්‍යාව 1214 කි. කෙසේ වුවත් එම ක්‍රීඩකයන් අතරින් වෙන්දේසියට ඉදිරිපත් කිරීම සඳහා ක්‍රීඩකයන් 590 දෙනෙකුගෙන් සමන්විත අවසන් ලැයිස්තුවක් සකස් කිරීමට සංවිධායකයන් මේ වන විට පියවර ගෙන තිබේ. ඔවුන් අතරින් 228 දෙනෙක් ජාත්‍යන්තර වරම් දිනා ඇති ක්‍රීඩයකයන් වන අතර 355 දෙනෙක් තවමත් ජාත්‍යන්තර වරම් දිනා නොමැති ක්‍රීඩකයෝ වෙති.
ඉන්දීය ක්‍රීඩකයන් 370 දෙනෙකුගෙන් සහ විදෙස් ක්‍රිඩකයන් 220 දෙනෙකුගෙන් අවසන් ලැයිස්තුව සමන්වත වන අතර ඊට ඕස්ට්‍රේලියාවෙන් 47 ක්, බටහිර ඉන්දීය දූපත්වලින් 34 ක්, දකුණු අප්‍රිකාවෙන් 33 ක්, නවසීලන්තයෙන් 24 ක්, එංගලන්තයෙන් 24 ක් සහ ඇෆ්ඝනිස්ථානයෙන් 17 ක් බැගින් ක්‍රීඩකයෝ ඇතුළත්ව සිටිති.
මෙම ක්‍රීඩකයන්ගෙන් 48 දෙනෙක් සඳහා ඉන්දීය රුපියල් කෝටි 2 බැගින්ද, 20 දෙනෙක් සඳහා කෝටි 1.5 බැගින්ද, 34 දෙනෙක් සඳහා කෝටිය බැගින්ද මූලික ලන්සු නියම කර තිබේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.