Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වනිඳු පිළිගන්න තණකොළ පිරුණු තණතීරුවක්
බංග්ලාදේශ සංචාරය

වනිඳු පිළිගන්න තණකොළ පිරුණු තණතීරුවක්

editorial - 2024 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

අන්තර්ජාතික තරග දෙකක තහනමකට ලක්ව සිටි ශ්‍රී ලංකා විස්සයි-20 නායක වනිඳු හසරංග නැවතත් කණ්ඩායමට එක්වන නමුත් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර හෙට (9 වැනිදා) පැවැත්වීමට නියමිත තුන්වැනි සහ අවසන් විස්සයි-20 තරගය සඳහා තණකොළ ගහණ තණතීරුවක් සූදානම් කෙරෙමින් පවතී. හසරංග වැනි පා දඟ පන්දු යවන්නකුට තණකොළ ගහණ තණතීරුවකින් ගතහැකි ප්‍රයෝජන අල්පය. එසේ වුවත් පිතිකරු ලයිස්තුවේ ඕනෑම තැනකින් පිටියට පිවිසිය හැකි වනිඳු හසරංග පන්දු යවන්නන්ගේ ඔද තෙද බිඳිය හැකි ක්‍රීඩකයෙකි. 

විස්සයි-20 තරගාවලිය මේ වනවිට 1-1 ක් ලෙසින් සමවී ඇති බැවින් බංග්ලාදේශයේ අපේක්‍ෂාව හෙට පැවැත්වෙන තරගය ජයගනිමින් තරගාවලිය ජයගැනීමයි. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මෙතෙක් පැවැති විස්සයි-20 තරගාවලි කිසිම එකකදී බංග්ලාදේශය ජයගෙන නැත. 

අද පැවැති පුහුණු සැසියකින් අනතුරුව හසරංගගේ පැමිණීම සම්බන්ධයෙන් කළ විමසීමකදී බංග්ලාදේශ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා කීවේ ‘වනිඳු හසරංග’ යනු තවත් එක ක්‍රීඩකයෙක් පමණක් බවයි. 


අදහස් (0)

වනිඳු පිළිගන්න තණකොළ පිරුණු තණතීරුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.