Last Update  :  2025-07-24 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වනිඳු කෝටි 4 කට අලෙවි වෙයි

වනිඳු කෝටි 4 කට අලෙවි වෙයි

editorial - 2022 අප්‍රේ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සංවිධානය කරන මෙම ‘ද හන්ඩ්‍රඩ්’ ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග බ්‍රිතාන්‍ය පවුම් ලක්ෂයක මුදලකට මිලදී ගැනීමට මැන්චෙස්ටර් ඔරිජිනල්ස් කණ්ඩායම ඉදිරිපත් වී තිබේ. එම මුදල දල වශයෙන් රුපියල් කෝටි 4 ක පමණ අගයක් ගනී.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 24 දෙනෙක් ලියාපදිංචි වී සිටි අතර ඔවුන් අතරින් මෙවර තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව හිමිවූයේ වනිඳුට පමණි. සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 23 දෙනාගෙන් කිසිවකු හෝ මිලදී ගැනීමට කණ්ඩායම් 8 හිමිකරුවෝ ඉදිරිපත් නොවූහ.

තරගාවලිය සඳහා ලියාපදිංචි වීමේදී වනිඳු ඇතුළත්ව සිටියේ බ්‍රිතාන්‍ය පවුම් 50,000 ක වටිනාකමකින් යුත් කාණ්ඩයට වුවත්, ඔහු අලෙවි වී තිබුණේ බ්‍රිතාන්‍ය පවුම් 100,000 ක මුදලකටය. මේ වන විට වනිඳු ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටියි.

මැන්චෙස්ටර් ඔරිජිනල්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබූ සෙසු විදෙස් ක්‍රීඩකයන් දෙදෙනා වූයේ බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ඔන්ඩ්‍රි රසල් (බ්‍රිතාන්‍ය පවුම් 125,00) සහ ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ෂෝන් ඇබට් (බ්‍රිතාන්‍ය පවුම් 60,00) ය.


අදහස් (0)

වනිඳු කෝටි 4 කට අලෙවි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.