Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 10.75 ක මුදලකට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග මිලදී ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඉදිරිපත් විය. එම මුදල දල වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 28.78 ක් පමණ වේ.
ඒ අනුව මේ දක්වා පැවැති අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිවලදී වැඩිම මිලකට අලෙවි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකා ලෙස වනිඳු වාර්තා අතරටද එක්විය. ඔහුට පෙර ඇන්ජලෝ මැතිව්ස් 2015 වසරේදී ඉන්දීය රුපියල් කෝටි 7.5 ක මුදලකට දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමට අලෙවි වී තිබිණ.
මෙවර වෙන්දේසිය ආරම්භ වන විට වනිඳුට ඉන්දීය රුපියල් කෝටියක මූලික ලන්සුවක් ඉදිරිපත්වී තිබූ අතර ඔහු මිලදී ගැනීම සඳහා සන්රයිසස් හයිද්‍රාබාද්, පන්ජාබ් කිංග්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර තුන් කොන් සටනක් නිර්මාණය විය.
කෙසේ වුවත් වනිඳු වෙනුවෙන් ඉදිරිපත් වූ ලන්සුව කෝටි 4 සීමාව ඉක්මවූ පසු සන්රයිසස් හයිද්‍රාබාද් ලන්සු ඉදිරිපත් කිරීමෙන් වැලකී සිටියේය. ඉන් අනතුරුව පන්ජාබ් කිංග්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් ඔහු මිලදී ගැනීම සඳහා තියුණු තරගයක නිරත විය.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වනිඳු වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 10.75 ක ලන්සුවක් ඉදිරිපත්කර තිබියදී වෙන්දේසිකරු රෝගාතුර වී බිම ඇද වැටීම නිසා වෙන්දේසිය පැය කිහිපයකට තාවකාලිකව නරත කෙරිණ.
යළිත් වෙන්දේසිය ආරම්භ කිරීමෙන් පසුව වනිඳු වෙනුවෙන් ලන්සු ඉදිරිපත් නොවූ බැවින් මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී වැඩිම මිලකට අලෙවි වූ විදෙස් ක්‍රීඩකයන් දෙදෙනාගෙන් එක් අයකු ලෙස ඉන්දීය රුපියල් කෝටි 10.75 ක මුදලකට ඔහුව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට අලෙවි විය.
බටහිර ඉන්දීය කොදෙව් කඩුලු රකින ක්‍රීඩක නිකලස් පූරන්ද ඉන්දීය රුපියල් කෝටි 10.75 ක මුදලකට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට අලෙවි වූ අතර ඔහු මෙවර වෙන්දේසියේදී වැඩිම මුදලකට අලෙවි වූ සෙසු විදෙස් ක්‍රීඩකයා බවට පත් විය.
මේ වන විට අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ විස්සයි-20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගතකිරීම්හි පෙරමුණ ගෙන සිටින වනිඳු, ඉකුත් වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාද විය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.