Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වනිඳු - චමීර වසරේ එක්දින කණ්ඩායමට

වනිඳු - චමීර වසරේ එක්දින කණ්ඩායමට

editorial - 2022 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් නම් කරන ලද 2021 වසරේ එක්දින කණ්ඩායමට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඇතුළත්ව සිටිති. ශ්‍රී ලංකාවට අමතරව අයර්ලන්ත, දකුණු අප්‍රිකානු, පාකිස්තාන සහ බංග්ලාදේශ ක්‍රීඩකයන්ගෙන් වසරේ එක්දින කණ්ඩායම සමන්විත වේ.

කෙසේ වුවත් ඉන්දියාව, ඕස්ටේ්‍රලියාව, එංගලන්තය, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඇෆ්ගනිස්ථානය සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් නියෝජනය කරන කිසිදු ක්‍රීඩකයකු මෙම කණ්ඩායමට ඇතුළත් නොවීම කැපී පෙනෙන සිදුවීමක් බවට පත්ව තිබේ.

තරග 14 කදී අර්ධ ශතක 3 ක් සමග ලකුණු 356 ක් රැස්කිරීමට සමත්ව ඇති වනිඳු දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 12 කි. ලකුණු රැස්කිරීමේදී 27.38 ක සාමාන්‍යයක් රඳවාගෙන ඇති ඔහු පන්දු යැවීමේදී ඕවරයකට ලබාදී ඇති ලකුණු සංඛ්‍යාවේ සාමාන්‍යය 4.56 කි.

ඉකුත් වසරේ වැඩිම එක්දින කඩුලු ලාභියා බවට පත්වූ චමීර තරග 14 කදී කඩුලු 20 ක් දවාගෙන ඇත්තේ 29.30 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි. ඊට මැයි මාසයේ බංග්ලාදේශයට එරෙහිව ඩකා නුවර පැවැති තරගයකදී ලකුණු 16 කට දවාගත් කඩුලු 5 ක්ද ඇතුළත් වේ.

පාකිස්තානයේ බාබර් අසාම් නායකත්වය දරන මෙම කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස අයර්ලන්තයේ පෝල් ස්ටර්ලින් සහ දකුණු අප්‍රිකාවේ යනෙමන් මලාන් නම් කර ඇත. කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස නම් කර ඇත්තේ බංග්ලාදේශයේ මුෂ්ෆිකුර් රහීම්ය.


වසරේ එක්දින කණ්ඩායම (පිතිකරු අනුපිළිවෙල අනුව)
1 පෝල් ස්ටර්ලින් (අයර්ලන්තය) - තරග 14 යි, ශතක 3 යි, අර්ධ ශතක 2 යි, ලකුණු 705 යි
2 යනෙමන් මලාන් (දකුණු අප්‍රිකාව) - තරග 8 යි, ශතක 2 යි, අර්ධ ශතක 2 යි, ලකුණු 509 යි
3 බාබර් අසාම් (පාකිස්තානය) - තරග 6 යි, ශතක 2 යි, ලකුණු 405 යි
4 ෆකාර් සමාන් (පාකිස්තානය) - තරග 6 යි, ශතක 2 යි, ලකුණු 365 යි
5 රාසි වැන්ඩර් ඩසන් (දකුණු අප්‍රිකාව) - තරග 8 යි, ශතක 1 යි, ලකුණු 342 යි  
6 සකීබ් අල් හසන් (බංග්ලාදේශය) - තරග 9 යි, අර්ධ ශතක 2 යි, ලකුණු 277, කඩුලු 17 යි
7 මුෂ්ෆිකුර් රහීම් (බංග්ලාදේශය) - තරග 9 යි, ශතක 1 යි, ලකුණු 407 යි
8 වනිඳු හසරංග (ශ්‍රී ලංකාව) - තරග 14 යි, අර්ධ ශතක 3 යි, ලකුණු 356 යි, කඩුලු 12 යි
9 මුස්තෆිසුර් රහමන් (බංග්ලාදේශය) - තරග 10 යි, කඩුලු 18 යි
10 සිමි සිං (අයර්ලන්තය) - තරග 13 යි, කඩුලු 19 යි
11 දුෂ්මන්ත චමීර (ශ්‍රී ලංකාව) - තරග 14 යි, කඩුලු 20 යි

-036

 

 


අදහස් (0)

වනිඳු - චමීර වසරේ එක්දින කණ්ඩායමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.