Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වත්තල ලයිසියම් ශූරතාව දිනයි
17 න් පහළ II වැනි කොටස

වත්තල ලයිසියම් ශූරතාව දිනයි

editorial - 2023 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් 17 න් පහළ II වැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල විසින් දිනාගන්නා ලදි. සෙනසුරාදා (19 වැනිදා) කඳාන ද මැසනොද් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල විසින් කඩුලු 8 කින් ජාඇල ක්‍රිස්තුරාජ විදුහල පරාජය කරන ලදි.

අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම නිසා වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ ජා ඇල ක්‍රිස්තුරාජ විද්‍යාලය යන පාසල් දෙකම ලබන වාරයේ සිට I වැනි කොටසේ තරගාවලියට උසස්වීම් ලබා සිටිති.

මෙම තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් මෙහෙයවනු ලැබන්නකි.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ උප සභාපති සහ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විද්‍යාලයේ විදුහල්පති ජගත් සේනාරත්න, ජා ඇල ක්‍රිස්තු රජ මහා විද්‍යාලයේ විදුහල්පති නිහාල් රුද්‍රිගෝ පියනම, වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ විදුහල්පතිනි ස්ටෙලා ඇන්තනි මහත්මිය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ 17 න් පහළ තරගාවලි ලේකම් මලික් කීර්ති මහතා සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ 17 න් පහළ තරගාවලි ලේකම් නිශාන්ත කුමාර මහතා ද ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගි වූහ.


ජා ඇල ක්‍රිස්තුරාජ විද්‍යාලය - ඕවර 41.5 කදී සියලු දෙනා දැවී 142 යි.
(අවිශ්ක නිර්මාල් 59, ප්‍රමෝද් චතුරංග 25, සදෙව් හෙට්ටිආරච්චි 35/3, තරුෂ රණසිංහ 25/2)

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල - ඕවර 31.5 කදී කඩුලු 2 ක් දැවී 143 යි
(ඔමල්ක හපුආරච්චි 37, ශවිදු සිල්වා නොදැවී 38, තරුෂ රණසිංහ නොදැවී 37)

- 213


අදහස් (0)

වත්තල ලයිසියම් ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.