Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විනය කඩකළ ළහිරු ගෙදර යවයි

විනය කඩකළ ළහිරු ගෙදර යවයි

සංජය එරමුදුගොඩ - 2018 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා තෝරාගනු ලැබ සිටි ළහිරු කුමාර විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් නැවතත් ගෙදර යවා තිබේ. 21 හැවිරිදි ළහිරු කුමාර පළමු ටෙස්ට් තරගය සඳහා සහභාගි වීමේ අපේක්‍ෂාවෙන් ගාල්ලේදී පුහුණුවීම් වල නිරතව සිටියේය.

වැසිබර  සහ අඳුරු කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද (5 වැනිදා) පුහුණුවීම් කළේ නැත. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දින දෙකේදීම ගාල්ලේ රැඳී සිටිමින් පුහුණුවීම් වල නිරත විය.

ඉතාමත් විශ්වාසකටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත්තේ ළහිරු කුමාර නියමිත වේලාවට වඩා ප්‍රමාද වී සිය කාමරයට පැමිණ ඇති බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම් කළමණාකාරීත්වය මේ වන විට කණ්ඩායමේ විනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර තිබේ. මේ වසර තුළදී විනය කඩ කිරීම සම්බන්ධයෙන් දඬුවමට ලක්වූ තුන්වැනි ක්‍රීඩකයා වන්නේ ළහිරු කුමාරයි.

ජෙෆ්රි වැන්ඩසේ සහ ධනුෂ්ක ගුණතිලකද මීට පෙර විනය කඩ කිරීමේ චෝදනාවන්ට ලක්වූහ. ඔවුන් දෙදෙනා අතුරින් ධනුෂ්ක ගුණතිලක දෙවතාවක්ම විනය කඩකිරීමේ චෝදනාවන්ට ලක්විය.

ටෙස්ට් තරග 12 කට සහභාගි වී, කඩුලු 40 ක් දවාගෙන සිටින ළහිරු කුමාර අනාගතය සඳහා බොහෝ බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයෙකි. ඔහුගේ හොඳම ටෙස්ට් පන්දු යැවීම වන්නේ ලකුණු 122 කට කඩුලු 6 ක් දවාගැනීමයි.

ඡායාරූපය : චතුර එස්. කොඩිකාර

 


අදහස් (0)

විනය කඩකළ ළහිරු ගෙදර යවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.