Last Update  :  2025-05-13 15:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලෝඞ්ස්හි බුහුමන් පුවරුවට සංගා - මැතිව්ස් එක්වෙති

ලෝඞ්ස්හි බුහුමන් පුවරුවට සංගා - මැතිව්ස් එක්වෙති

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


එංගලන්තයට එරෙහිව ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ශතක රැස්කිරීම නිසා කුමාර් සංගක්කාරගේ සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ නම් ලෝඞ්ස්හි බුහුමන් පුවරුවේ පසුගියදා ස්ථිරව සටහන් කෙරිණ.

මෙම පිතිකරුවන් දෙදෙනා ශතක ලබාගැනීමෙන් පසුව ඔවුන්ගේ නම් සුදු පැහැ තීරුවක ලියා ලෝඞ්ස්හි බුහුමන් පුවරුවේ තාවකාලිකව අලවා තිබූ නමුත් ඉකුත් 19 වැනිදා එම තාවකාලික තීරුව ඉවත් කර ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායකයාගේ මෙන්ම වත්මන් නායකයාගේ නම් එහි ස්ථිර වශයෙන් සටහන් කෙරිණ.

මෙහි වැදගත්ම සිදුවීම වන්නේ ප‍්‍රධාන පෙළේ ටෙස්ට් පිතිකරුවකු වන කුමාර් සංගක්කාර මෙම ශතකය ලබාගැනීමට පෙර ටෙස්ට් ශතක 35 ක් රැස්කරගෙන තිබුණත් ඊට ලෝඞ්ස්හිදී ලබාගත් ශතකයක් ඇතුළත් වී නොතිබීමයි. කෙසේ වුවත් එම තරගයේදී වාර්තා කළ ලකුණු 147 ත් සමගින් මෙම 36 හැවිරිදි වමත් පිතිකරුවා එම අඩුව සම්පූර්ණ කිරීමට සමත්විය.

මෙම තරගයේදීම ශ්‍රී ලංකා පිලේ නායක ඇත්ජලෝ මැතිව්ස්ද ශතකයක් (ලකුණු 102) රැස්කිරීමට සමත්වූ බැවින් ලෝඞ්ස්හි බුහුමන් පුවරුවේ සංගක්කාරගේ නමට යටින් ඔහුගේ නමද සටහන් වී තිබේ.

මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝඞ්ස් පිටියේදී ශතක ලැබූ පිතිකරුවන් අතර මහේල ජයවර්ධන ඉදිරියෙන්ම සිටියි. ඔහු දෙවරක්ම ලෝඞ්ස්හි බුහුමන් පුවරුවේ නම සටහන් කර ගැනීමට සමත්වී තිබේ. ඒ 2002 වසරේදී (ලකුණු 107) සහ 2010 වසරේදී (ලකුණු 119) ය.

ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී ශතකයක් ලබාගත් පළමු ශ්‍රී ලංකික කී‍්‍රඩකයා වීමේ භාග්‍ය හිමිවී ඇත්තේ සිදත් වෙත්තමුණිටයි. 1984 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත සංචාරයක නිරතවූ අවස්ථාවේදී ඔහු එම ශතකය (ලකුණු 190) ලබාගත්තේය.

ඔවුන්ට අමතරව දුලිප් මෙන්ඩිස් (ලකුණු 111), අමල් සිල්වා (ලකුණු 102*), මාවන් අතපත්තු (ලකුණු 185) සහ තිලකරත්න ඩිල්ෂාන් (ලකුණු 193) යන කී‍්‍රඩකයන්ද ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී ශතක ලබා ඇති ශ්‍රී ලංකා ටෙස්ට් පිතිකරුවන් අතරට ඇතුළත්ව සිටිති.


(ඡායාරූපය - ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේ නිල වෙබ් අඩවියේ අනුග‍්‍රහයෙනි)

 

- 036

 


අදහස් (1)

ලෝඞ්ස්හි බුහුමන් පුවරුවට සංගා - මැතිව්ස් එක්වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.