Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
පැරණි වාර්තා අමතක කරමින් හෙට (11 වැනිදා) සිඩ්නිහිදී පැවැත්වෙන පළමු විස්සයි-20 තරගයේදී ලෝක ශූර ඕස්ට්‍රේලියාවට එරෙහිව හොඳ සටනක් දීමට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානමින් සිටින බව පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා පවසයි. අද දිනයේදී (10 වැනිදා) පැවැති මාධ්‍ය හමුව අමතමින් රත්නායක මහතා ඒ බව කියා සිටියේය.
විස්සයි-20 ජාත්‍යන්තර තරග 17 කදී ඕස්ට්‍රේලියාවට එරෙහිව තරගවැදී ඇති ශ්‍රී ලංකාව ඉන් තරග 8 ක් ජයගෙන, 9 ක් පරාජයට පත්වී තිබේ. කෙසේ වුවත් ඕස්ට්‍රේලියාව තුළ ශ්‍රී ලංකාවේ තරග වාර්තාව තරමක් යහපත් වේ. ඊට හේතුව ඕස්ට්‍රේලියාවේදී පැවැති තරග 9 න් 5 ක් ජයගෙන ඇති ශ්‍රී ලංකාව එහිදී පරාජය වී ඇත්තේ 4 ක් පමණක් වීමය.
අවසන් වරට මෙම කණ්ඩායම් දෙක එකිනෙකාට එරෙහිව තරග වැදුණේ එක්සත් අරාබි එමීර්හි රාජ්‍යයේදී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදීය. එම තරගයේදී ඕස්ට්‍රේලියාව හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 7 ක පරාජයක් උරුම විය. ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත එළෙබෙන විස්සයි-20 ලෝක කුසාලන තරගාවලියට පෙර සූදානමක් ලබාගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට සහභාගි වී සිටියි.
කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස කටයුතු කිරීමට නියමිතව සිටි කුසල් මෙන්ඩිස්ට කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් ඔහුට තරගාවලියේ පළමු තරග 2 හෝ 3 අහිමි වන බවද, ඒ හේතුවෙන් දිනේෂ් චන්දිමාල් එම තරගවලදී කඩුලු රැකීමේ කාර්යයේ නිරත වීමට නියමිත බවද රත්නායක මහතා මාධ්‍ය හමුවේදී කියා සිටියේය.
මෙන්ඩිස්ගේ නිරෝධායන කාලය ඉරිදා (13 වැනිදා) නිමාවන පත්වන බැවින් එදින ඔහු පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කරන බව සඳහන් කළ රත්නායක මහතා, එම පරීක්ෂයේ ප්‍රතිඵල ඍණාත්මක වුවහොත් 14 වැනිදා යළිත් වරක් ඔහු පරීක්ෂණයකට යොමු කරන බවද කියා සිටියේය. දෙවැනි පරීක්ෂයේ ප්‍රතිඵලද ඍණාත්මක වුවහොත් පමණක් ඔහුට 15 වැනිදා පැවැත්වෙන තරගයේ සිට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවනු ඇතැයි පුහුණුකරු වැඩි දුරටත් සඳහන් කළේය.
කොවිඩ් වයිරසය ආසාදනය වී සිට කණ්ඩායම සමග එක්වීමෙන් අනතුරුව ගත කළ හැකි වූයේ ඉතාමත් කෙටි කාලයක් වුවද, එහිදී කණ්ඩායම ශාරීරිකව මෙන්ම මානසිකවද තරගාවලිය වෙනුවෙන් සූදානම් කිරීමට තමා පියවර ගත් බව රත්නායක මහතා පැවසීය. එහිදී වේග පන්දු යැවීමේ උපදේෂකවරයකු ලෙස කණඩායමට ඇතුළත්ව සිටින ලසිත් මාලිංගගෙන් ලැබුණ සහයෝගයද ඉතාමත් ඉහළ මට්ටමක පැවැති බවද හෙතෙම වැඩි දුරටත් කීය.
ලකුණු 48.08 සාමාන්‍යයක් සහ 153.87 ක ලකුණු රැස්කිරීමේ සාමාන්‍යයක් රඳවාගෙන, ලකුණු 577 ක් රැස්කරමින් බිග් බෑෂ් ලිග් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ බෙන් මැක්ඩමෝට් මෙම තරගාවලියේදී නායක ඒරන් ෆින්ච් සමග එක්ව ඕස්ට්‍රේලියානු ඉනිම ආරම්භ කිරීමට සූදානමින් සිටියි. ඔහුට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දොරටු විවර වූයේ නිත්‍ය ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් මෙම තරගාවලියේදී විවේක ගැන්වීම හේතුවෙනි.
ප්‍රවේගකාරී පිතිකරුවකු ලෙස සැලකෙන මැක්ඩමෝට්ගෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එල්ල විය හැකි තර්ජනය සම්බන්ධයෙන් රත්නායක මහතා කියා සිටියේ ඔහු සිය කණ්ඩායමට තවත් එක් අභියෝගයක් පමණක් බවය. ඔහුට පමණක් නොව අභියෝගයක් විය හැකි සියලුම ක්‍රීඩකයන් වෙනුවෙන් වෙන වෙනම සැලසුම් සකස් කර ඇති බවත්, අවශ්‍ය වන්නේ එම සැලසුම් නිවැරදි අයුරින් ක්‍රියාවට නැංවීම පමණක් බවත් පුහුණුකරු වැඩි දුරටත් පැවසීය.
දින කිහිපයක්ම වර්ෂාව ඇද හැළීම හේතුවෙන් පළමු තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට සිඩ්නි ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් කිරීමට හැකියාව ලැබුණේ එක් අවස්ථාවකදී පමණක් බව පැවසූ රත්නායක මහතා, අද තරගය සඳහා කණ්ඩායම තෝරා ගැනීමේදී අත්දැකීම් වලට වැඩි ඉඩක් ලබාදෙන බවද අවසාන වශයෙන් කියා සිටියේය.
පළමු තරගය සඳහා ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද දිනයේදී (10 වැනිදා) ප්‍රකාශයට පත් කෙරිණ. එයට අනුව කඩුලු රකින ක්‍රීඩක ජොෂ් ඉන්ග්ලිෂ් හෙට තරගයේදී ඕස්ටේ්‍රලියාව වෙනුවෙන් විස්සයි-20 ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට නියමිතය. කෙසේ වුවත් මැතිව් වේඩ් කඩුලු රකින්නාගේ කාර්යයේ නිරත වන බැවින් එංගලන්තයේ ඉපිද ඕස්ට්‍රේලියාවට ක්‍රීඩා කරන ඉන්ග්ලිෂ්, පිතිකරුවකු ලෙස පමණක් හෙට තරගයට ක්‍රීඩා කරනු ඇත.
ශ්‍රී ලංකා සංචිතය
දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක, චරිත් අසලංක, අවිෂ්ක ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ, ජනිත් ලියනගේ, කමිල් මිෂාර, ජෙෆ්රි වැන්ඩසේ, රමේෂ් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම, ළහිරු කුමාර, නුවන් තුෂාර සහ ශිරාන් ප්‍රනාන්දු
ඕස්ට්‍රේලියානු කණ්ඩායම
ඒරන් ෆින්ච් (නායක), බෙන් මැක්ඩමෝට්, ජොෂ් ඉන්ග්ලිෂ්, ස්ටීවන් ස්මිත්, ග්ලේන් මැක්ස්වෙල්, මාකස් ස්ටොයිනිස්, මැතිව් වේඩ්, පැට් කමින්ස්, මිචෙල් ස්ටාක්, ඇඩම් සම්පා සහ ජොෂ් හෙසල්වුඩ්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.