Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිකට් ලෝක කුසලානය දිනා වසර 25 ක් සම්පූර්ණ වීම වෙනුවෙන් අද (17 වැනිදා) පැවැති රාජ්‍ය නිල උත්සවයේදී 1996 ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 14 දෙනා වෙනුවෙන්ම මුද්දර නිකුත් කරන ලදි.
ක්‍රීඩකයන් 14 දෙනා වෙනුවෙන් නිකුත් කරන ලද මුද්දර 14 ට අමතරව, ලෝක කුසලාන අවසන් මහ තරගයේදී අර්ජුන රණතුංග විසින් ජයග්‍රාහී ලකුණ ලබාගන්නා පහරේ ඡායාරූපයක් සහිතව තවත් මුද්දරයක් නිකුත් කරන ලදි. රුපියල් 25 ක වටිනාකමකින් යුත් මෙම මුද්දරය කිව්.ආර්. කේතයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු මුද්දරයද වෙයි.
මෙහි පළමු සැමරුම් මුද්දරය හා විශේෂ මුල්දින කවරය තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පිරිනමන ලදි. පසුව එය ඇමතිවරයා විසින් අගමැතිවරයාටද, 1996 ලෝක කුසලාන දිනූ කණ්ඩායමේ නායක අර්ජුණ රණතුංග මහතාටද පිළිගන්වන ලදි.
අද පෙරවරුවේදී කොළඹ අරලියගහ මැදුරේදී පැවැති මෙම උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
ලෝක කුසලාන දිනාගන්නා ක්‍රීඩකයන්ට අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් නිකුත් කරන ලද පදක්කම්ද මෙම උත්සවයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ අතින් ක්‍රීඩකයන්ට පිරිනමන ලදි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.