Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට එක්කර ගන්නා කණ්ඩායම් ගණන වැඩි කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව තීරණයකර තිබේ. ඒ අනුව 2027 දී සහ 2031 දී එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය කණ්ඩායම් 14 කින් යුත් තරගාවලියක් බවට පත්වනු ඇත.
වසර 2019 ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වූයේ කණ්ඩායම් 10 ක් පමණි. එම තරගාවලියේ ශූරතාව සත්කාරක එංගලන්තය විසින් දිනාගන්නා ලදි.
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් 2024 සිට 2031 දක්වා සිය ගෝලීය තරග කාලසටහන එළිදැක්වීමත් සමඟ මෙම වෙනස්කම්ද ප්‍රකාශයට පත් කරන ලදී. මේ අතර පාකිස්තානය ජයග්‍රහණය කළ, අවසන් වරට 2017 වසරේදී එංගලන්තයේ පැවැති, ශූරයන්ගේ කුසලාන තරගාවලිය 2025 සහ 2029 වසර වලදී කණ්ඩායම් අටක තරගාවලියක් ලෙස නැවත ආරම්භ කිරීමට නියමිතව ඇත.
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා 2027 සහ 2031 දී කණ්ඩායම් 14 ක් එක්වන අතර එය තරග 54 ක තරගාවලියක් බවට පත්වේ. එසේම 2024, 2026, 2028 සහ 2030 දී පැවැත්වීමට නියමිතව ඇති විස්සයි20 ලෝක කුසලාන තරගාවලි වලට කණ්ඩායම් 20 ක් එක්වන අතර එය තරග 55 ක් දක්වා ව්‍යාප්ත වනු ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
2015 දී ඕස්ෙට්‍ර්ලියාවේ සහ නවසීලන්තයේ පැවති ලෝක කුසලාන තරගාවලියේ සිට සහභාගීවන කණ්ඩායම් ගණන 10 දක්වා අඩු කිරීටම අන්තර්ජාතික ක්‍රිකට් සභාව ගත් තීරණය මතභේදාත්මක එකක් වූ අතර එය ක්‍රිකට් ක්‍රීඩාවේ ගෝලීය වර්ධනයට බාධාවක් බව විවේචකයන්ගේ මතය වී තිබේ.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.