Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලෝක කණ්ඩායම පාකිස්තානයේ තරග 3 ක

ලෝක කණ්ඩායම පාකිස්තානයේ තරග 3 ක

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සැලසුම් කර ඇති ආකාරයට සියල්ල හො‍ඳින් සිදුවුවහොත් මෙම වසර අවසානයේ ලෝක කණ්ඩායම සහ පාකිස්තානය අතර විස්සයි20 තරග 3 ක් සංවිධානය කිරීමේ අවස්ථාව පාකිස්තානයට හිමිවනු ඇත. මෙම තරග ලාහෝරයේදී පැවැත්වීමට නියමිතය.

ලන්ඩනයේදී අද (24 වැනිදා) පැවැති වාර්ෂික සම්මේලනයේදී අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් පාකිස්තානය නැවත තම රටේදී අන්තර්ජාතික ක්‍රිකට් තරග පැවැත්වීමට ගන්නා උත්සහයට සහයෝගය දැක්වීමක් වශයෙන් මෙම යෝජනාවට එකඟවී තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රකාශකයකු පැවසුවේ පාකිස්තයට එරෙහි තරගාවලිය සම්බන්ධයෙන් වැඩි විස්තර ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බවයි.

2009 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ගමන් ගත් බස් රථයට ත්‍රස්තවාදීන් වෙඩි තැබීමෙන් අනතුරුව පාකිස්තානයේ සංචාරයක නිරතවූයේ සිම්බාබ්වේ සහ ඇෆ්ගනිස්තාන ජාතික කණ්ඩායම් පමණි. 2015 වසරේදී සිම්බාබ්වේ කණ්ඩායම්ත් සමගින් දෙවැනි එක්දින තරගය පැවැත්වෙන කාළය අතරතුරදී ගඩාෆී ක්‍රීඩාංගණයට මීටර් 800 ඈතින් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් දෙදෙනෙක් මිය ගියහ.
 
කෙසේ වෙතත් විදේශීය ක්‍රිඩකයින්ගේ සහභාගීත්වයේන් මාර්තු 5 වැනිද ලාහෝර් නුවරදී පැවැති පාකිස්තාන් සුපර් ලීග් තරගාවලියේ අවසන් තරගය කිසිදු කරදරයකින් තොරව අවසන් කිරීමට පාකිස්තාන් ක්‍රිකට් ආයතනය සමත් විය.

 


අදහස් (0)

ලෝක කණ්ඩායම පාකිස්තානයේ තරග 3 ක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.